දකුණු ආසියාවේ මහා බලවතෙක් සහ ශ්‍රී ලංකාවේ ඉතා සමීප මිතුරෙකු වන ඉන්දියාව අද සිය 77 වැනි නිදහස් දිනය සමරනවා.

1947 අගෝස්තු 15 වැනිදා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම සමරන ඉන්දියාව අද ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රෞඩ ජාතියක නිදහස් අභිමානය සැමරෙන අද දිනයේ ඉන්දියාවේ රතු බලකොටුවේ සිට අගමැති මෝදි ජාතිය අමතා සිටියා.

ඒ අඛණ්ඩ දස වැනි වතාවටයි.

2024 පැවැත්වෙන මහා මැතිවරණයෙන් නියත වශයෙන්ම තමන් ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ජය ගන්නා බවත්, ඉදිරි වසර 05 ඉන්දියාවේ ස්වර්ණමය වසර 05 වනු ඇති බවත් අගමැති මෝදි පවසා සිටියා.

නිදහස ලබා වසර 100ක් සැපිරෙන 2047 දී ඉන්දියාව වෙනස්ම රටක් බවට පත් කරන මාර්ගයේ ගමන් කරන තමන් ඇතුළු කණ්ඩායම ලබන වසරෙත් මෙලෙස රතු බලකොටුවේ සිට නිදහස් දිනයේ ජාතිය ඇමතීමට අදහස් කරන බවයි අවධාරණය කර සිටියේ.

ඉන්දීය නිදහස් දිනය සැමරීමට අද දවස පුරා විවිධ උත්සව පැවැත්වෙනවා