පෞද්ගලික මන්ත්‍රීවරයකු විසින් ගෙන එන යෝජනාවක් නීතියක් වීමට තවත් පියවර ගණනාවක් පසුකල යුතු බවත් එසේ සම්පාදනය වූ නීතියක් වුවද නැවතත් ප්‍රශ්න කිරීමේ හැකියාව තිබිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පැවසීය.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වරප්‍රසාද යෝජනාව සහ ඒ සම්බන්ධයෙන් කතානායකවරයා ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා පැවසුවේ කතානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව මගින් සම්මත කරන යෝජනා සම්බන්ධයෙන් අධිකරණයට විමර්ශන කළ නොහැකි බවකි.

ඒ අනුව ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රශ්න කර සිටියේ කවුරුන් හෝ අධිකරණ අවශ්‍ය නොමැති බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කළහොත් කුමක් සිදුවිය හැකිදැයි කියාය.