රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාව එම අමාත්‍ය තනතුරින් ඉවත් කර තිබේ.
ජනාධිපතිවරයා සතු බලතල අනුව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.


ආණ්ඩුවේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව සුසිල් ප්‍රේමජයන්ත මහතා දිගින් දිගටම විවේචනාත්මක අදහස් දැක්වූ අතර මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ෆේල් යැයිද නව කණ්ඩායමකට රට බාර දිය යුතු යැයි ද ඔහු ඊයේ ප්‍රකාශ කළේය.