ශ්‍රී ලංකාවාසී සහ සකළ ලෝකවාසී හින්දු ජනතාව ස්වභාව ධර්මයට කෘතගුණ සලකණු වස් බැතියෙන් සහ ගෞරවයෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිවේදනයක් මගින් ශුභාශිංසන පණිවිඩයක් නිකුත්කර තිබේ.

එම නිවේදනය මගින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටින්නේ,

“අලුතින් නෙළා ගත් අස්වැන්න හිරු දෙවියන් වෙත පූජා කර එළැඹෙන වසරේ යහපත උදා කර දෙන මෙන් මෙහි දී ඉල්ලා සිටියි. අප රට තුළ නිර්මාණය වූ බංකොලොත්භාවයත් සමඟ ඇති වූ අභියෝගාත්මක වසරක් අවසානයේ තවත් අභියෝග රැසකින් යුත් වසරකට අප එළැඹ තිබේ. මෙකී අභියෝගයන්ට අප ජාති, ආගම්, කුල, ගෝත්‍ර භේදයකින් තොරව මුහුණ දිය යුතු වේ. ඒ සඳහා අවශ්‍ය වන ස්වාභාව ධර්මයේ ආශිර්වාදය මෙවර තෛපොංගල් දිනයේදී ලබා ගෙන ලෝකයේ අංක 1 රට බවට පත්වීමේ නව ගමනකට, නව වෙනසකට එක්වන ලෙස සකළ ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ මොහොතේ ඉල්ලා සිටියි.” යන්නයි

විපක්ෂ නායකවරයා සිංහල, දමිල සහ ඉංග්‍රීසි බසින් නිකුත් කරන ලද ශුභාශිංසන පණිවිඩය පහතින් අමුණ ඇත.