සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායකට උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා වන අවසරය බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබේ

තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාම සදහා අවසර ලබාදෙන ලෙසට රංජන් රාමනායක කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සදහන් කළේය.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රංජන් රාමනායකට අන්තර්ජාල දේශනවලට සහභාගීවීමේ අවස්ථාව හිමිවේ. ඒ අතරම අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය පොත්, සටහන් සහ අනෙකුත් අධ්‍යාපන මෙවලම් බන්ධනාගාරය තුළට ගෙන්වා ගැනීමේ අවස්ථාව ඔහුට හිමිවේ.

රංජන් රාමනායක විවෘත විශ්ව විද්‍යාලයේ මානව සහ සමාජ අධ්‍යයන අංශය විසින් පවත්වන තරුණ සමාජ සංවර්ධනය පිළිබද උපාධි පාඨමාලාවක් හදාරනු ලබයි.

මේ වන විට එම උපාධි පාඨමාලාව හැදෑරීම සදහා අවශ්‍ය වන පදනම් විභාගයද ඔහු සාර්ථකව අවසන් කර ඇත.