ආණ්ඩුවට ලෝක බැංකුවට යන්නත්
ආණ්ඩුවට අද මූල්‍ය අර්බූදයෙන් මිදීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට හෝ ලෝක බැංකුව ඉදිරියට යා නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් ජී.එස්.පී. ප්ලස් සහනය පවා අහිමි වීමේ වාතාවරණයක් මතුව ඇති බවකි.

නමුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම හේතුකොටගෙන ආණ්ඩුවට යුරෝපා කොමිසම හමුවට පවා යා නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ඒ මහතා කීය.