රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය ගේ සිදුවීම හිංසනය පිටු දැකීමේ කාලය තුළ සිදුවීම එක්තරා විදියට දෛවයේ සරදමක් බව මාධ්‍ය හමුවකට එක් වෙමින් සමගි වනිතා බලවේග ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසීය.

එතුමිය වැඩි දුරටත් කියා සිටියේ එතෙක් මෙතෙක් බිහි වූ ආණ්ඩුවලින් රාජපක්ෂවරුන්ගේ ආණ්ඩු තමයි සෑම අවස්ථාවකදීම කාන්තාවන්ට යම් මානසික, වාචික හෝ ලිංගික හිංසන සිදු කර බව සියලු දෙනා දන්නා කරුණක් බවත් එයට උදාහරණ ඕන තරම් තියෙන බවත් ඒ අතර ප්‍රාදේශීය සභා නගර සභා පළාත් සභා මන්ත්‍රීවරුන් සිටින බවත් තමුන් එක්ක එකට වැඩ කරන කාන්තාවන්ට නින්දා අපහස කරන අයත් ඉන්න බවත්
පහුගිය කාලේ පළාත් පාලන ආයතන වල දී පවා කාන්තාවන්ට වචනයෙන් විතරක් නොව ශාරීරිකව ගුටිබැට දෙන ආකාරය දැක ඇති බවත් ඒ හැම අවස්ථාවකදීම මූලිකත්වය අරගෙන තියෙන්නේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බව පැවසීය .

පහුගිය කාලයේ අපේ ආණ්ඩුව ලංකාවේ ප්‍රථම වතාවට කාන්තාවන් දේශපාලනයට ඒමට අවස්ථාවක් විදිහට 25% ක කෝටා ක්‍රමය හඳුන්වලා දුන් බව ආඩම්බරයෙන් කියන්න පුළුවන් බවත් ඊටත් ආඩම්බරයෙන් අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් වෙනකොටත් අපට උපදෙස් ලබාදී තිබෙන්නේ ඉදිරියේ එන සෑම මැතිවරණයකදීම 25% ක කෝටා එක පක්ෂය ඇතුලේ කාන්තාවන්ට ලබා දීම ගැනයි. ඒ වෙනුවෙන් අපිට ඕනෑ තරම් කතා කරන්න , කාන්තාදින සමරන්න පුළුවන් හැබැයි ක්‍රියාකාරකමක් විදියට ක්‍රියාවෙන් ඔප්පු කර එකම නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා කියන එක බය නැතුව කියන්න පුළුවන් බව එතුමිය ප්‍රකාශ කළේය.