සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුසබංඩාර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව අමතා කළ ප්‍රකාශය අපට සිහිපත් කරන්නේ අපගේ ජනවහරෙහි එන යන්නේ කොහෙද විමසු විට මල්ලේ පොල් යයි දුන් පිළිතුරයි.

අගමැතිවරයාගේ ප්‍රකාශය තුළ වර්තමානයේ රට මුහුණ දි ඇති අර්බුධය හෝ ඒ සදහා වු කිසිදු විසදුම් යොජනාවක් ඉදිරිපත් කිරිමට කටයුතු කළේ ⁣නැත. අවම වශයෙන් පිඩාවට පත් ජනතාවට ආණ්ඩුවේ කනගාටුව හෝ ප්‍රකාශ නොකළේය. මේ වන විට ඉන්ධන පෝලිම් වල සිව්දෙනෙකු මරණයට පත්ව ඇත. ගෑස් ටැංකි පිපිරීම නිසාත් මරණයට පත් වූ පිරිස ද එම සංඛ්‍යවට සමානය. මෙවැනි අවාසනාවන්ත තත්වයක් තුළ ජනතාව පත්ව ඇති තත්වය ගැන කිසිදු සංවේදි බවක් අගමැතිවරයාට නොමැති බව ඔහගේ ප්‍රකාශය තුළින් පැහැදිලි වේ.

සුපුරුදු පරිදි යුධ ජය සහ රණවිරුවන් ඉදිරියට දමමින් තම දේශපාලන ව්‍යපෘතිය තුළ වාදනය කළ පරණ තැටි වාදනය කිරිමත් ජනාධිපතිවරයා ඇතුලු රාජපක්ෂවරුන්ට ගෙදර යන ලෙස රටේ තරුණ පරපුර අරබා ඇති උද්ඝෝෂණයට විකෘති අර්ථ කථනයක් ගෙන ඒමටත් දැරු උත්සාහය මහින්ද රාජපක්ෂෙගේ දේශපාලන බංකොලොත් බව මනාව පෙන්නුම් කරයි.

අයහපත් ආර්ථික කළමනාකරණය ගජ මිතුරන්ට සැලකිම, කොමිස් ව්‍යපෘති ගිනි පොලියට ණය ගැනිම තුළ බිද වැටුනු ආර්ථිකය පසුගිය රජය මත පැටවිමට දරන උත්සාහය හාස්‍ය ජනක වුවකි.

ගොඨා ගෙදර යනුවෙන් පාරට බට තරුණ පිරිස 88/89යුගයේ කැරළිකාර තරුණ පෙලට උපාමා කරමින් මෙම සමකාමි අරගලයට ආණ්ඩුවේ මර්ධනය ගෙන ඒමට පෙර මග සකසන අගමැතිවරයාගේ දෙසුම අප දැඩිලෙස හෙලා දකිමු.

වචනයකින් හෝ වර්තමානයේ ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට හෝ ජනතාව නගන හඬට පිළිතුරක් නැති අගමැති කතාව සැබැවින්ම මහ පොළවේ යතාර්ථය හදුනාගත්තක් නොව තමා පවසන සැම දෙයක්ම සත්‍ය ලෙස සැලකු ජනතාව තව දුරටත් සිටිනවා යැයි සිතමින් සිදුකළ ආත්ම වංචාවකි.

මෙම ප්‍රකාශය තුළින් ද පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාටද රටේ වර්තමාන අර්බුධයට විසදුම් නොමැති බවයි.

එබැවින් කළ යුත්තේ ජනමතයට සවන් දි ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විම බව අපි අවධාරනය කරමු.