සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (07) දිනයේ ද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

තම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා කථානායකවරයාට ලිපියක් භාරදීමට අද දිනයේ කටයුතු කරන බවයි එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ.

“දැනට අපි තාමත් පළමු තීරණයේම ඉන්නවා, අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ලබාදෙන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීන්දුවේ. අපි කථානායක තුමාට අද උදේ ලිපියක් බාරදෙනවා මේ කරුණු සියල්ල අඩංගු කරලා. බලමු අපි එතුමා ක්‍රියා කරන ආකාරය, එතුමා ගන්න තීන්දු ගැන බලලා, අපි තීරණයක් ගන්නවා. නමුත් දැනට තවමත් අපි පරණ තීන්දුවෙ ඉන්නවා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව නැති නිසාත් මැර බලයෙන් අපිව මැඬපවත්වන්න හදන නිසාත් පාර්ලිමේන්තුවට නොයෑමට අපි තීරණය කරලා තියෙනවා. කෝක නමුත් කථානායකගේ ප්‍රතිචාරයත් අපි බලනවා”

රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ අද උදෑසන මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.