දුර්දාන්ත ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාවලියට එරෙහිව සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් අත්සන් කරනු ලැබීය.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12) සිය මන්ත්‍රී කණ්ඩායම සමඟ විපක්ෂ නායක කාර්යාලයේදී ඊට අදාළ අත්සන් තබනු ලැබීය.

ආණ්ඩුවට එරෙහිව මහපාරේ අරගල කරන ජනතාවගේ හදගැස්ම සමග සමගි ජන බලවේගය එකට හිටගන්න ආ බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී ගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ලබා ගැනීම උදෙසා කටයුතු කරන බවත් විශ්වාස භංගයට සහ දෝෂාභියෝගයට අමතරව විසිවෙනි සංශෝධනය ආපසු හරවා දහනවවැනි සංශෝධනය නැවත ක්‍රියාත්මක කිරීම සහ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග හරහා සියලු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් අරගල කිරීම තිරසාර ම සිදුකරන බවද විපක්ෂ නායකතුමා පැවසීය.