තව දුරටත් බලයේ ඉන්න මේ ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බව විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (28) දින පවතී මාධ්‍ය හමුවට සහබාගී වෙමින් සජබ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා.

අද සිට 10 වෙනිදා වෙනකම් මේ රට වහල වගේ .මේ ආණ්ඩුව ඊයෙ මොකක්ද කළේ පෝලිම් වල ඉදපු අයට ටොකන් ලබා දුන්නා මිනිස්සු හිතුවා ටොකන් එක අනුව හෙට හරි අනිද්දා හරි දවස් දෙකකින් හරි තෙල් ලැබෙයි කියලා. හැබැයි ඊයෙ ටොකන් දුන්නා ඊයේ රෑ වෙනකොට සියලුම අත්‍යවශ්‍ය සේවා කිහිපයක් හැර සියලු දෙනාටම ඉන්ධන නිකුත් කිරීම නතර කළා ඒ කියන්නේ මේ ආණ්ඩුව දන්නේ නෑ හෙට දවසේ මොකද්ද වෙන්නේ කියලා ඒ නිසා ආණ්ඩුවට අයිතියක් නෑ තව දුරටත් බලයේ ඉන්න මේක කර්මයක් දැන් අයින් වෙලා යන්න ඕන ගෝඨාභය රාජපක්ෂලා යන්න ඕන මේක සාපයක් ඒ සාපය නිසා තමයි අද රටට මේ තත්වයට ඇද දමල තියෙන්නේ ඔලමොට්ටල පාලකයෙක් නිසා තමයි අද අපි බංකොලොත් වෙලා රට වහන තැනට ඇවිත් තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාව ගේ ඉවසීමේ කට්ට පැනලා ඉවරයි.

ආණ්ඩුව ජනතාව ළිඳ ඇතුළට දාලා ආණ්ඩුව අපිට ලිඳ ඇතුළේ ඉන්න විදිය කියලා දෙනවා ලිදෙන් ගොඩ ගන්න විදිය කතා කරන්නේ නැහැ. රටේ සමස්ත ජනතාවම අද ලිඳ ඇතුලට දාලා ඒ නිසාම මේ වෙලාවේ අපිට අවශ්‍යයි මේ රට මෙතනින් ගොඩගන්න එසේ ගොඩ ගන්න නම් නව පාලනයක් බිහි වෙන්නම ඕන ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුව අයින් වෙලා මැතිවරණයකින් හෝ වෙනත් පාර්ලිමේන්තුව තුළ ක්‍රමවේදයකින් කෙටිකාලීන ආණ්ඩුවක් හදලා නව පාලනයක් තුළින් විතරයි මේ තත්ත්වයෙන් යම් පමණක හෝ ගොඩ තියෙන්නේ.දැන් අපි අත්හදා බැලුවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මාස එකහමාරක් ගියා එහි දී තිබුණු තත්ත්වය වැඩි වුණා හැර වෙන කිසි දෙයක් වුණේ නැහැ අපට පේන තෙක් මානයකවත් විසඳුමක් මේ ආණ්ඩුවට තියෙනවා කියලා පේන්න නැහැ රටවල් වලින් උදව් ලැබෙන්නේ නැහැ රටවල් පිළිගන්නේ නැහැ ලෝකෙම පිළිගන්න එක කාරණයක් තමයි මේ රටට මෙහෙම වුණේ රටේ හිටපු පාලකයො රාජපක්ෂ පවුල රට බංකලොත් කරා කියන කාරණය. රටේ ඩොලර් ටික හොරකම් කර කියන කාරණය. ඒක මුළු ලෝකයම දන්නවා අද ලෝකයේම ප්‍රධාන ප්‍රවෘත්තිය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම ගැන එහිදී රාජපක්ෂලා හොරකම් කරපුවා ගැන කියනවා රට විනාශ කරපු හැටි කියනවා .ඒ නිසා පැහැදිලිවම කියනවා මේ පාලනය වෙනසකින් තොරව මේ ගනුදෙනුව බේරගන්න බැහැ .

අපි මීට මාස එකහමාරකට කලින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා අපි මග ඇරියේ නෑ අපි කර ඇරියේ නෑ වගකීම් දරන්න සූදානම්ව කටයුතු කරා හැබැයි ගෝඨාභය රාජපක්ෂ සමග පාලනයක් සඳහා බිය වුණේ නෑ ගෝඨාභය රාජපක්ෂගෙන් තොර පාලනයක් වෙනුවෙන් තමයි කටයුතු කරන්න සූදානම් වුණේ. ඒක සිදු වුණේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිත් බංකරවල හැංගිලා හිටපු රාජපක්ෂලාට ඔක්සිජන් දීලා එළියට ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ, තත්වෙ බරපතළ වෙලා .මිනිසුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවලා ගිහිල්ලා වෛරයකින් ඉන්නේ. ගෝඨාභයගේ පාලනය අවසන් කිරීම සඳහා මිනිස්සු මොන විදිහේ ක්‍රියාමාර්ග ගනීද කියලා අපිට කියන්න බැහැ. අපිට පාලනය කරන්නත් බැහැ ආගමික නායකයන්ට පාලනය කරන්න බැහැ. ඊට එහා මිනිස්සු තීරණ ගන්නවා ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වහාම ප්‍රකාශයක් කරලා මේ ආණ්ඩුව අවසන් කරන්න ඕන. ජනතාව ලබන සතියේ වෙද්දි මොනවා කරයිද දන්නේ නැහැ. අපි ජනතාවත් එක්ක හිටගන්නවා ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් ක්‍රියාමාර්ග විපක්ෂයක් විදිහට අපට කරන්න පුළුවන් සීමාව තුළ ජනතාව වෙනුවෙන් පෙල ගැසෙනවා. කරන්න පුළුවන් සීමාවක් තුල අපි ක්‍රියාමාර්ග ගන්නවා.

මේ රාජපක්ෂ පාලනය මේ අර්බුද නිර්මාණය කරපු දෙයක් අද යූරියා පොහොර එනවා කිව්වා නමුත් නැහැ .යල් කන්නේ 50% ක් ඉවරයි දැන් යූරියා පොහොර වලට ගොවියන්ට කරන්න දෙයක් නැති වෙනවා. හැම දෙයක්ම ගෝඨාභය රාජපක්ෂ විසින් නිර්මාණය කළ ප්‍රශ්න .අවුරුදු 74 ක ට බැනලා වැඩක් නෑ .මේ ආණ්ඩුව මේ මාස කිහිපය ඇතුළත වැරදි කලමනාකාරනය නිසා තමයි බංකොලොත් වුණේ .මේ ආණ්ඩුව යන්නේ නැත්නම් මේ ජූලිය කළු ජූලියක් බවට පත් වෙයි. ඒ ප්‍රශ්න වල දී අපිටත් විරුද්ධව ජනතාව නැගිටීවි. ඒ නිසාම එක කළු ජූලියක් කරන්න එපා ඊට කලින් ආණ්ඩුව ඉවත් වෙන්න කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න තාවකාලික සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න තිබුණ අවස්ථාව නැති කරලා දැම්මා. ඒ කරලා තමන්ගේ බලය වෙනුවෙන් රාජපක්ෂලා කටයුතු කරමින් ඉන්නවා ජනාධිපති බලය දශමයක් වත් අඩු කලේ නෑ. හොරකම් කරපු සල්ලි රාජපක්ෂලාගේ ගන්න කිසි දෙයක් කරේ නෑ. දැන් කෙළි කාරයෝ වගේ එක මේසේ ඉඳගෙන තමන්ගෙ ඩීල් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි ගේන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක උනොත් රටේ ජනතාව තුළ ආණ්ඩුව ගැන විශ්වාසයක් ඇති වේවි .මොකද රටේ ජනතාව තමන්ගේ දරු පරපුර විනාශ කරපු රාජපක්ෂලාට වෛර කරනවා. ඒවායින් මිදෙන්න නම් මොකෙක් හරි පාලකයෙක් රාජපක්ෂලාට දඬුවම් කරන්න ඕන හොරකම් කරපු මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ඕන.
ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ රාජපක්ෂ පාලනය තියෙන කන් රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජපක්ෂලාට දඬුවම් කරයි කියලා විශ්වාස කරන්න බෑ. 2015 සිට 2020 අතර අපට තිබුණු යහපාලනය රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහ රැක්කා කියන කාරණය දන්නවා ඒ නිසා තමයි 2020 අපි පරාද වුණේ. හොරුන්ට දඬුවම් දෙන්න කියපු ආණ්ඩුවක් දඬුවම් දුන්නේ නෑ හොරු බේරුවා මිනීමරුවො බේරුවා ඒ නිසා මේ රටේ මිනිස්සු ඉන්නෙ දැඩි වෛරයකින්. ඉදිරියේදී ලොකු කැරැල්ලක් පේනවා අපි කිව්වා ඉදිරි සුනාමි රැල්ල මීට වඩා බරපතලයි කියලා මොකද 09 වැනි දා සිදු වීමෙන් පාඩමක් ඉගෙන ගත්තේ නෑ. මේ ආණ්ඩුව තමන්ගේ බල හුවමාරුව පවුලේ ආරක්ෂාව පෙළපතේ ආරක්ෂාව රැකවරණය දිහා තමයි බලාගෙන ඉන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යැවීම වෙනුවෙන් අපි සියලූදෙනාම එකතු වෙන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමීන් සියලු බලවේගය සිවිල් සංවිධාන අරගල කොටස්කරු එකට එකතු වෙලා මේ ආණ්ඩුව ගෙදර යවන ඒ දැවැන්ත වැඩපිළිවෙළකට යන්න ඕන. අපි දායකත්වය දෙනවා ඒ සඳහා සංවිධානය වෙනවා මොකද මේ ආණ්ඩුව ගෙදර යැවීමකින් මෙහා විසඳුමක් හිතන්න බැහැ විසඳුමක් ලැබෙන්නෙත් නැහැ ලෝකය පිළිගන්නේ නැහැ විදේශ ශ්‍රමිකයන් පිළිගන්නෙ නෑ රටට ඩොලර්යක් එන්නේ නෑ .ණය ආධාරයක් සහනයක් දෙන්නෙ නෑ. ඒ නිසා කරුණාකරලා මේක කළු ජූලියක් බවට පත් කරන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ වැඳලා කියන්නම් යන්න.

තෙල් ප්‍රශ්නයට තවම විසඳුමක් නැහැ කාංචන ඇමතිතුමා කටාර් ගියාලු අපි දන්නවා මැදපෙරදිග රටවල් මේ ආණ්ඩුවත් එක්ක තියෙන්නේ විශාල දුරස්ථභාවයක් මුල ඉදන් ඒ රටවල් තරහ කරගත්තා මුස්ලිම් ජනතාවට පහුගිය කාලයේ දුන්න තාඩන පීඩන මුස්ලිම් ජනතාවගේ ආගමක අයිතීන් කොල්ලකාලා පලිය අරගෙන කරපු වත් එක්ක සෞදි අරාබිය තුළින් මැදපෙරදිග රටවල් opec රටවල් ද අපෙන් දුරස් වුණා. අපේ ආණ්ඩුව කාලේ 2015 පස්සේ හම්බන්තොට ආවා ඔයිල් රිෆයිනර් එකක් එය ඩොලර් බිලියන හතරක් සපුගස්කන්ද නිෂ්පාදනය වගේ දහ ගුණයක් අපනයන ඉලක්ක කර ගත්තු තෙල් පිරිපහදුවක් ඒකට මොකද උනේ ඉස්සරහට යන්න දුන්නේ නෑ මේ ආණ්ඩුව ආවට පස්සේ අවශ්‍ය සහය දුන්නේ නෑ ආයෝජකයෝ හැරිලා ගියා ඒකෙ තිබුණ නම් අද තෙල් ප්‍රශ්නයට විසඳුමක් තියෙනවා අපිට ඒ සබඳතාවය තියෙනවා අපට එය ආයෝජන නැවත ගෙන එන්න හැකියාව තියෙනවා අපට නිවැරදි කණ්ඩායමක් එක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉස්සරහට රට ගොඩ දැමීමේ හැකියාව ශක්තිය තියෙනවා. අපිට රටවල් එක්ක සම්බන්ධ තිබෙනවා මේ තෙල් ප්‍රශ්නයට විතරක් නෙමෙයි මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න පුළුවන් හැබැයි සමහරු කියනවා පිට ගිහිල්ලා එතනට උදව් කරන්න කියලා උදව් කරන්න බෑ ගෝඨාභයගේ ඉන්න තැන විසඳුමක් නෑ ඒක ලෝකය පිලිගන්නේ නෑ ඒකයි අපි කියන්න අලුත් ආණ්ඩුවක් ඕන එහිදී මිනිස්සු ඉවරයි හැකියාව තියෙන කණ්ඩායම සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක ඉන්නවා ඒ නිසා රටේ ජනතාවට පැහැදිලිව කියනවා රට ගොඩ දාගන්න ඒක අමාරුයි නමුත් ගොඩ දාන්න පුළුවන් එයාට සියලු දෙනාම ඒකරාශී වෙමු.

ඊයෙ හරීන් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර අභියෝගයක් දුන්නා පුළුවන්නම් එක තෙල් නැවක් ගෙනත් දෙන්න කියලා ඇත්තටම ඒක කරන්න පුලුවන්ද?

හරීන් ප්‍රනාන්දු මහත්තයා කියන වැඩේ කරන්න පුළුවන් හැබැයි අපි විපක්ෂයේ ඉන්නේ මේ විදේශ රටවල් හිතවත් රටවල් බලන්නේ විපක්ෂයේ දිහා නෙමෙයි රට දිහා බලන්නේ ආණ්ඩුවත් එක්ක ගෝඨාභය රාජපක්ෂ දිහා බලලා තමයි උදව් කරනවද නැද්ද තීන්දු කරන්නේ විපක්ෂයකට තෙල් නැව් ගේන්න බෑ රටකට ඒකට අවශ්‍යතාවය ක්‍රියාත්මක කරන්න ඒකට අවශ්‍ය රාජතාන්ත්‍රික සබඳතා ගොඩ නඟන එයට අවශ්‍ය මූල්‍ය කළමනාකරණයක් මූල්‍ය වැඩපිළිවෙළක් හදන්න ඕන. ඒවා අපිට හදන්න බෑ හරින් ප්‍රනාන්දු මහත්තයා කියන විදිහට දැන් ගිහිල්ලා තෙල් ගෙනාවනේ එයාලා නේ කිව්වේ ප්‍රශ්න විසඳනවා කියලා දැන් කියනවා අපිට තෙල් ගේන්න කියලා. ඒක විසඳන්න පුළුවන් හැබැයි විපක්ෂයේ ඉඳන් කරන්න බැහැ එහෙම පුළුවන් නම් ආණ්ඩුවක් ඕන නැහැ.