අපි පසුගිය කාලයේ ලංකාවට ලබාදුන් ආධාර මුදල් වලට අපට ව්‍යාපෘති ගණනාවක් ලබා දෙන්න යැයි ඉන්දියාව ඉල්ලා සිටි බව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා අද (28) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා.

අපිට අසල්වැසි රටක් වන ඉන්දියාවෙන් එදිනෙදා ජන ජීවිතය ගෙන යන්න ආධාර ලැබුණා. ඉන්දියානු නියෝජිතවරු ආපු ගමන් පැය විසි 24ක් යන්න කලින් දෙන ආධාර ගැන ඔවුන් ප්‍රකාශ කළා. නමුත් මේ වෙලාවේ වෙනසක් තියෙනවා ඉන්දියාවේ නියෝජිත විවිධ දේ සාකච්ඡා කලත් ඉදිරියට දෙන ආධාර ගැන වචනයක්වත් නැහැ ඔවුන් ප්‍රකාශ කරලා තිබුන ඉන්දියාවේ මූල්‍ය මණ්ඩලයෙන් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන කියලා වෙනදා වගෙ නෙමෙයි වෙනදා ආපු නිලධාරීන් කිව්වා අපි ඉදිරියට මේ වගේ උදව් කරනවා කියලා නමුත් මේ අවස්ථාව කිව්වේ මූල්‍ය මණ්ඩලය මේ සම්බන්ධව තීරණයක් දෙන්න ඕන කියලා . ඒ වගේම ඔවුන් කිව්වා අපි පසුගිය කාලයේ ලංකාවට ලබාදුන් ආධාර මුදල් වලට අපට ව්‍යාපෘති ගණනාවක් ලබා දෙන්න කියලා එය බලාගාර කිහිපයක් ඒ වගේම ශ්‍රී ලංකාව ඉන්දියාව අතර අධි බලති විදුලි ලබාදෙන කේබලයක් වගේම අලුත් ඉල්ලීමක් කිහිපයක් කරල තිබුණා. මන්නාරම් ද්‍රෝණියේ තෙල් කලාප දෙකක් ලබා දෙන්න කියලා .භයානකම දේ තමයි ත්‍රිකුණාමලය වරාය අවට ඉඩකඩම් කාර්මික සංවර්ධන ප්‍රදේශයක් හැටියට ලබාදෙන්න කියලා එහිදී වරායත් අනිවාර්යෙන්ම ඒකට එකතු වෙනවා මේක භයානක තත්ත්වයක් මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම් කරන්න කොටස් දෙකක් ඉල්ලා තියෙනවා ඉතාමත් පැහැදිලියි මේ ආය ක්‍රමක් ක්‍රමයෙන් අපේ රටේ මරමස්ථාන ඒ අය සන්තක කර ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අපි ඉන්දියාවට ස්තුති වන්ත වෙනවා උදව් කෙරුවට නමුත් මේ උදව් පිළිබඳව තියෙන්නේ මොකක්ද කියන එක ඉතාම පැහැදිලියි.

ත්‍රිකුණාමල වරාය අවට ඉඩම් ඒ අයට ලබා දුන්නොත් වරායත් ඒ ඉඩම් එක්ක ඒ අයට සතු වෙනවා. මේක මේ රටේ ජනතාව දැනගන්න ඕන. ඇත්ත වශයෙන්ම මේ රජය බලයට පත්වුණේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා. නමුත් අපි දන්නවා හම්බන්තොට වරාය චීනයට දීලා කොළඹ වරාය චීනයටයි ඉන්දියාවටයි කඩකඩ කොටස් දෙකකට දීලා මෙයත් හම්බන්තොට වරායත් ඉන්දියාවට දෙන්න යනවා නම් අපේ රටට ඇති වෙන්නේ අපේ ස්වාධීනත්වයට විශාල ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවේ තෙල් ටැංකි දෙනකොටත් අපි කතා කළා එහිදී ඒ දෙන එකත් අපේ රට විශාල ප්‍රශ්නයක් කිව්වා වරායයි ඉඩම් ටිකයි දෙනවනම් පක්ෂ භේදයකින් තොරව සියළු දේශපාලන පක්ෂ මේ තත්ත්වය ගැන තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඕන.

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ඇවිත් ඉන්නවා. ඒ කාලය තුළ ඇමරිකාවේ හැමිල්ටන් බැංකුව අපේ රජයට විරුද්ධව බැඳුම්කරයක් සම්බන්ධව නඩු දාලා. ඒ නඩුවේ සටහණක් තියෙනවා රාජපක්ෂවරු විවිධ ස්ථානවල ශ්‍රී ලංකාව රජයට අයත් මුදල් මේ මේ ස්ථානවල තැන්පත් කරලා තියෙනවා කියලා. ඒක අපිට විශාල ලැජ්ජාවක් මීට කලින් අපේ රටට විරුද්ධව කිසිම උසාවියක පාලකයන් පුද්ගලයන් නම් කරල රටවල් නම් කරලා බැංකු නම් කරලා අධිකරණයේ නඩුවක් වැටුණේ නැහැ .අද ලෝකයේ මතයක් ඇති වෙලා තියෙනවා ශ්‍රී ලංකා රජයට උදව් කරනවා කියන්නේ රාජපක්ෂලා ගොඩදාන එක කියලා නම් උන්වහන්සේලා දැක්කද දන්නේ නෑ කම්කරු පක්ෂයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් පැහැදිලිව කියලා තිබුණා ලංකාවට දුන්න ආධාර විවිධ රටවල බැංකුවල තැන්පත් කරලා තියෙනවා කියලා .රාජපක්ෂ රජය කබ්රාල් දාගෙන කළේ ඔය වැඩේ වෙන කිසි දෙයක් නෙමෙයි. නීති විරෝධී විදියට අපේ රටේ සම්පත් විවිධ බැංකුවේ තැන්පත් කරලා තියෙන බව සනාථ වෙලා තියෙනවා ඇමරිකාවේ ඒ නඩුවයි මහා බ්‍රිතාන්‍යයේ හිටපු ඇමතිවරයාගේ ප්‍රකාශයයි තුළ .අද ලෝකේ මතය ශ්‍රී ලංකාවට උදව් කරනවා කියන්නේ රාජපක්ෂලා ගොඩ දැමීමක් ද කියලා .

ජාත්‍යන්තර අරමුදලෙන් අපට ලැබෙන උත්තරය ගැන පැහැදිලි යමක් කියන්න බැහැ නමුත් මේ තත්ත්වය දවසින් දවස ඇති වෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අපිට විරුද්ධව යෝජනාවක් සම්මත වුණා එහිදී අපි අන්ත පරාජයක් ලැබුවා විශේෂයෙන්ම හැමදාම අපිත් එක්ක ඡන්දය දුන් මුස්ලිම් රටවල් මැදපෙරදිග රටවල් අපිට විරුද්ධව දුන්නා නැත්නම් නිහඬව හිටියා ඒ තත්ත්වය මත මේ රජය දේශීය වශයෙන් පච වෙලා තියෙනවා ජාත්‍යන්තර වශයෙන් පච වෙලා තියෙනවා මං විශ්වාස කරනවා මේ රජයට විකල්පයක් නැහැ කියලා ගෝඨාභය රාජපක්ෂ හා ආණ්ඩුව මේක දාලා යන්න ඕන අද කිසිම පාලනයක් නැහැ රට වහලා lockdown එකක් නොවුනට අද ඉඳලා රට වහලා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයක් නෑ හිතන හිතෙන ගණන් අය කරනවා .පාසල්, විශ්වවිද්‍යාල වහලා .බෙහෙත් නැහැ රාජ සේවයට අඩපණ වෙලා මේ අවස්ථාවේ අපට කියන්න තියෙන්නේ දෙයියන්ගේ නාමෙන් මේක දාලා යන්න එහිදී මැතිවරණයක් තියලා ජන මතය ඉස්මතු වෙන ක්‍රමයක් සකස් කරන්න පුළුවන් මොකද බංකොලොත් වෙච්ච ආණ්ඩුවකට ආධාර දෙන්නේ නෑ. සමාගමක් ගත්තත් බංකොලොත් වෙලා බැංකුවට ගියාම කියනවා සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්වෙලා අලුත් සභාපති කෙනෙක් අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරගෙන අලුත් සැලැස්මක් එක්ක එන්න කියලා. අපේ රටත් එහෙමයි ගෝඨාභය රාජපක්ෂයි මේ ආණ්ඩුවයි මේ රට බංකොලොත් කෙරුවා ඒ අයට බෑ මේ රට ගොඩගන්න අපිට ආධාර කරන අයට මේ අය ගැන විශ්වාසයක් නැහැ ගෝඨාභය රාජපක්ෂ මේක තේරුම් ගන්න ඕන. එතුමා ඉන්නකම් අපේ රටට සල්ලි ටිකක් ලැබෙනවා එය බෙහෙත් ටිකක් ගන්න අඩු ආදායම්ලාභීන්ට උදව් කරන්න නමුත් රට ගොඩ දාන්න පුළුවන් ආධාරයක් ලැබිලා නෑ . අපිට අවුරුද්දකට ඕන ඇමරිකානු ඩොලර් බිලියන 5ක් අවශ්‍ය රට ගොඩ දාන්න එය 2025 වෙනකන් ඒ ණය ගෙවන්න ඕන .තවම මේ මුදල් කොටසක් වත් අපිට හමුවෙලා නෑ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයෝ මාස කිහිපයක් ගිහින් යම්කිසි ආධාරයක් ලැබෙයි .නමුත් ඒ අය අපට කියන්නේ අපේ රටේ වියදම ට්‍රිලියන තුනහමාරයි ආදායම ට්‍රිලියන එකහමාරයි එතකොට ට්‍රිලියන දෙකක පරතරයක් තියෙනවා. කොහොමද අපි එය පියවන්නේ එයට දෙන යෝජනා ක්‍රියාත්මක කරන්න ඕන .රාජ්‍ය සේවය කප්පාදු පිළිබඳවත් බංකොලොත් වෙච්ච සංස්ථා විකුණනවද ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අනිවාර්යෙන්ම දැනට වඩා සියයට හතරකින් පහකින් වැඩි වෙනවා මයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගන්නවා කියන්නේ ඒ මුදලත් අවුරුද්දට පියවන්න තියෙන ඩොලර් බිලියන පහට එකතු වෙනවා .එතකොට අපිට ණය ගෙවන්න රට ආදායමක් සකස් කරගන්න ඕන. ඒක භයානක තත්ත්වයක් හැමදාම කියනවා වගේ ජන මතය ඉස්මතුවෙන මොකක් හරි මැතිවරණයකට යන්න ඕන. මොකද මැතිවරණයකින් පස්සේ ආණ්ඩුවක් බිහි වුණාම රටේ ජනතාව අවුරුද්දක් ඉවසනවා ප්‍රශ්න විසඳන්න. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවත් කැමතියි අලුත් ආණ්ඩුවක් එක්ක කටයුතු කරන්න ඒවා ඉෂ්ට වුනොත් හරි .

ඒ වගේම අරගලය උච්චම අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැයි 11 ප්‍රකාශයක් කළා 19 ක්‍රියාත්මක කරනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පියවර ගන්නවා කියලා. නමුත් අද විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරන්නේ යහපාලන ආණ්ඩුව ගෙනාපු 19 නෙමෙයි 22 යනුවෙන් හැඳින්වෙන ව්‍යවස්ථා සංශෝධනය එය ජනාධිපතිතුමාගේ බලතල වැඩි කිරීමක් පාර්ලිමේන්තුවට අපි 19 ගෙනාවේ පාර්ලිමේන්තුවට බලය දෙන්න මෙහි පළවෙනි වෙනස තමයි ආණ්ඩුව ගේන එකේ ජනාධිපතිතුමාට අගමැති ඕන වෙලාවක අස් කරන්න පුළුවන් හා ඕන අමාත්‍යංශයක් පවරා ගන්නත් පුළුවන්. ඉතාමත් පැහැදිලියි රජය මුල් කාලයේ තිබිච්ච අසීරුතාවයත් දැන් තාවකාලිකව නැති වෙලා පරණ විදිහට යන්න පුළුවන් කියලා ඒ කියන්නේ ආණ්ඩුව තවමත් පාඩම් ඉගෙන ගෙන නැහැ.