තමන්ට කළ අපහාසය වෙනුවෙන් බිලියන 05ක් ඉල්ලා අනුර කුමාර දිසානායකට එරෙහිව නඩු පවරන බව සුජීව සේනසිංහ හිටපු අමාත්‍යවරයා සදහන් කරනවා. ඔහු සඳහන් කරන්නේ තමා කිසියම් හෝ හොරකමක් සිදුකර තිබේනම් ඒ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු එළිදරව් කරන ලෙසත්, එවැනි හොරකමක් කර තිබෙන බව කරුණු සහිතව හෙළිදරව් කළහොත් දේශපාලනයෙන් ඉවත් වීමට වුවද සුදානම් බවයි.