රටේ දූෂණ විරෝධි ක්‍රියාවලිය හරියාකාරව ක්‍රියාත්මක වුවහොත් ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇතිවන බවත් එසේ වුවහොත් රටට සෘජු විදේශ ආයෝජනය ලැබෙන බවත් වසර දෙකකින් සෘජු විදේශ ආයෝජන කිසිවක් ලැබී නැති බවත් සෘජු විදේශ ආයෝජන නැතිව ලංකාවට දියුණු වීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.

දුෂණ විරෝධි යාන්ත්‍රණය හරියාකාරව ක්‍රියාත්මක කර සෘජු විදේශ ආයෝජන වැඩි කර අපනයන ආදායම වැඩි කර අලුත් වෙළඳපොලවල් තුළට ඇතුළු වී ඩොලර් ආදායම වැඩි කර ගැනීමෙන් ඩොලරයේ ඉහළ යාම පාලනය කර ගත හැකි බවත් එස් එම් මරික්කාර් මහතා කීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (18) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.