සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වගෙන් දීප ව්‍යාප්තව ක්‍රයාත්මක වන “නිරායුධ නිර්පාක්ෂික අරගලය මහජන විප්ලවයක් කරා” වැඩසටහන ඊයේ දිනයේදී කළුතර නගරයේදී ක්‍රියාත්මක වූ අතර විශාල ජනකායක් මෙම විරෝධතා ව්‍යාපාරයට සහබාගී විය.

එහිදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අවධාරණය කරමින් කියාසිටියේ ඉදිරියේදී සමාජ විප්ලවයක් කිරීමට පෙළගැසෙමින් සිටින බවයි.

“ජනතාවට හොරු අදුරගන්න පුළුවන් වෙන්න ඕනේ, හරි දේශපාලඥයෝ අදුරගන්න පුළුවන් වෙන්න ඕනේ ඉදිරියට සමාජ විප්ලවයක් කරන්න අපි පෙළගැසෙමින් ඉන්නවා”