වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙරට දූෂණය නැවැත්වීමට කිසිවක් කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

“දුෂණය නවත්තන්න එතුමා යමක් කරයි කියලා මට හිතන්න අමාරුයි”

ජනතාවගේ දැඩි විරෝධය මැද ජනතාව විසින් ප්‍රතික්ෂේප කල හොර දේශපාලඥයින් 1 34කගේ ඡන්දයෙන් පත්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම දූෂිත රාජපක්ෂ වලල්ලේ උවමනා එපාකම් ඉටුකරමින් සිටින නිසා එතුමාට ඍජුව කිසිඳු තීරණයක් ගත නොහැකි බව රාමනායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

රාන්මනයක මහතා මේ බව කියා සිටියේ ඔහුගේ ලැප්ටොප් බෙදාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (1) පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.