ඊයේ දිනය වන විට රටේ තිබූ ප්‍රධානම ප්‍රවෘත්තිය ලෙස දක්නට ලැබුනේ මේ වන විටත් විසදී නොමැති සෞඛ්‍ය ගැටළුව සහ රට හැරගිය වෛද්‍යවරුන් පිලිබදව බවත් මුජිබර් රහ්මාන් මහතා අද(15) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පැවසීය.
තවමත් වෛද්‍යවරුන් රට හැරයාමේ ගැටලුව අවම කරගනිමට ආණ්ඩුව සමත් වී නැති බව පැවසූ රහ්මාන් මහතා කියා සිටියේ වෛද්‍යවරුන් 840ක්, විශේෂඥ වෛද්‍යවරුන් 274ක් සහ හදිසි ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන් 23ක් මේ වන විටත් රට හැරගොස් ඇති බවත් සෞඛ්‍ය ක්ෂේත්රයෙහි සේවය කරන නිලහරින් විශාල ප්‍රමාණයක් මේ අතර වන බවයි.
වෛද්‍යවරුන් 840ක් රට හැරගිය පසුත් මේ පිලිබදව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්න බව පැවසුවත් මේ වන විටත් ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් මේ පිලිබදව සොයාබැලීමට සෞඛ්‍ය ඇමතිවරයා රෝහලකට ගිය බවක්වත් දක්නට නොලැබුණු බව මුජිබර් රහ්මාන් මහතා පැවසීය.