ජනතාව ඉල්ලන ඉල්ලීම වටහා ගෙන විපක්ෂ විදිහට පාර්ලිමේන්තුව තුළ ඒ ජනතාව ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික කටයුතු ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට අරගෙන ඇති බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ

“මුළු රටම මේ ආණ්ඩුවට කියද්දී තරුණ තරුණියන් දින ගණන් රැස්වෙලා කියද්දිත් මහනාහිමිවරු ආයාචනා කරද්දිත් කාදිනල් තුමා වැනි උදවිය කියද්දිත් නීතිඥ සංගම් පැහැදිලිවම ඉල්ලීම් කරද්දිත් රජයේ මැති ඇමතිවරු ප්‍රකාශ කරද්දි සිවිල් පුරවැසියන් බලවත් ලෙස මේ ආණ්ඩුවට ඉල්ලීම් කරද්දිත් තවදුරටත් මම තමයි ජනාධිපති අයියා තමයි අගමැති මම තමයි අගමැති මල්ලිත් ජනාධිපති කියමින් තවදුරටත් මේ ආණ්ඩුව හිතුවක්කාර විදිහට ජනතාවගේ හඩ නෑසුනා සේ ක්‍රියා කිරීම හරහා පැයෙන් පැය දවසින් දවස මේ රට අගාධයට ඇද දැමීමයි සිදුවන්නේ කියන එක කියන්න සිදු වෙනවා.

අද ජනතාව කරන අරගලය ජනතාව ඉල්ලන ඉල්ලීම වටහා ගත්ත විපක්ෂ විදිහට පාර්ලිමේන්තුව තුළ ඒ ජනතාව ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික කටයුතු ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට අරගෙන තියෙනවා.අපි එක් පුද්ගලයෙක් වටා තිබෙන බලය පාර්ලිමේන්තුවට ලැබෙන පරිදි හිතුවක්කාර අමනෝඥ තීන්දු තීරණ ගැනීමට බැරි වන පරිදි 19 වන සංශෝධනය බල ගන්වල 21 වන සංශෝධනය ගෙනල්ලා 20 තිබුණු බලතල සියල්ලම ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට දැනටම කටයුතු කර තිබෙනවා.

රජයට එරෙහිව ජනතාව විසින් මතු කරන කාරණා ගැන සැළකිල්ලට ගෙන විශ්වාස භංගයක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. එ විතරක් නෙමෙයි නිදහස් අරගලය වෙනුවෙන් සමගි පා ගමන අපි හෙට මහනුවරින් පටන් ගෙන අගනුවරින් අවසන් කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා.අපි බලාපොරොත්තු වෙනවා හෙටින් මහනුවරින් ආරම්භ කරලා දින කිහිපයක් ඇතුළත කොළඹට පා ගමන ගමන් කරන්න . ආරම්භ දිනයේ ඉදන් අවසන් දිනය දක්වා විශාල ජනකායක් මෙම පා ගමනට එක් වන බව දැනටමත් දැනගන්න තියෙනවා එම නිසා අපි වගකිව යුතු දේශපාලන පක්ෂයක් හැටියට ඉදිරියටත් මේ ජන අරගලය වෙනුවෙන් ජනතාවගේ හඬ දේශපාලන පක්ෂයක් හැටියට දිගටම මතු කිරීම සඳහා කටයුතු කරන බවත් මතක් කරනවා.”

යනුවෙන් විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අද දින කියා සිටියේය