එක්ස්ප්‍රස් පර්ල් නැව ලංකා මුහුද තිරයේ විනාශ විමෙන් ලැබුණු වන්දි මුදලට ආණ්ඩුව කුමක්ද කළේ යන්න ආණ්ඩුවේ ඇමතිවරුගෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා ප්‍රශ්න කර සිටියි.

ඔහු කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ලැබුණු වන්දි මුදල් ධිවර ජනතාව අතර සාධාරණ ලෙස බෙදි නොගිය බවයි .

දිලීප් වෙදආරච්චි මහතා වැඩි දුරටත් කියා සිටියේ උතුරු නැගෙනහිර මත්ස්‍ය සම්පත දකුණු ඉන්දියානුවන් විසින් රැගෙන යන බවත් එවා නතර කිරීමට ආණ්ඩුව වැඩපිළිවෙළක් නොකරන බව ද කියා සිටියේය .

මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේගයේ ප්‍රධාන කර්‍යාලයේ දීය .