පොදුජන පෙරමුණ මගින් සංවිධානය කළ අනුරාධපුර පැවැත්වු රැස්වීමට පැමිණි අයට රුපියල් 2,200 ක්, අරක්කු කාලක්, බත් පැකට් එකක් දී ඇති බවට ආරංචි වී ඇති බවත්
එදා වේල ටුවර්ස් වගේ ආණ්ඩුව ඒම රැස්වීම පැවැත්වූ බව සමගි තරුණ බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහාතා පවසයි .

වැඩි දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“එහිදී අපි දැක්කා ජනාධිපතිතුමා වෙනම ශෙලයකින් කතා කරන ආකාරයක් එතුමා උත්සාහ කළා පොරොන්දු ලබා දීලා ජනතාවට නැවත කියන්න පොහොර තිබුණත් නැතත් ගොවීන්ට සහනාධාර සහ අවශ්‍ය කරන වන්දි ලබා දෙනවා කියන්න. ඒ ආකාරයට ගොවීන්ට කතා කරලා ආණ්ඩුව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ.ගොවියාට සහනාධාර ලබාදෙනවා නම් අපි තමයි පාර්ලිමේන්තුවේ මුලින්ම ප්‍රකාශ කළේ වන්දියක් ලබා දෙන්න කියලා. මොකද ගොවිතැන පාඩු වෙමින් යන කාලයක අපි ඉන්නේ. අස්වැන්න 50%න් අඩු වෙන්න පුළුවන්. මාධ්‍ය හරහා අපි දකිනවා මහවැලි කලාප දිහා බැලුවමත් අස්වැන්න ගොඩක් අඩු වෙලා තියෙනවා. යූරියා නැතුව කොහොමද ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ඊළඟ කන්නයේ වගා වලට ගොවීන්ට විශ්වාසය දිනාගෙන අවශ්‍ය කරන පොහොර ටික ලබාදෙන්න. කොහොමද කටයුතු කරන්නේ කියන එකත් විශාල ගැටළුවක් ඇති බව” මන්ත්‍රීවරයා පැවසීය .