සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 27 වන පියවර ලෙස රුපියල් විසි එක් ලක්ෂ පහලොස් දහසක් (රු. 2,115,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ අම්පාර පානම රෝහලට පරිත්‍යාග කරනු ලැබූ අතර පානම ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරි  බී.එම්.ආර්.එස් බස්නායක මහතා විසින් අදාල පරිත්‍යාගය භාර ගනු ලැබීය.

balavegaya Screenshot 20210925 132019

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙලෙස දෙලක්ෂ අනූපන් දහසක් (රු. 295,000) වටිනා Patient Monitor යන්ත්‍ර 2ක්, රුපියල් තුන්ලක්ෂ විසිපන් දහසක් (රු. 325,000) වටිනා CTG Machine යන්ත්‍රයක් හා රුපියල් දොලොස් ලක්ෂයක් (රු. 1,2000,000) වටිනා Defibrillator යන්ත්‍රයක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබු අතර අම්පාර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක හසන් අලි,එහි සම සංවිධායක ගයාන් දර්ශන,ලාහුගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී පාඨලී රෝහණ ජයන්ත, ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 26ක් තුල  ලක්ෂ 784ක (රුපියල් 78,494,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.