රට ගොඩනැගීම සඳහා තරුණ පරපුරේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව සමඟි ජන බලවේගය පවසයි. ඒ අනුව එම වැඩසටහන රත්නපුරය නගරයෙන් අද දිනයේ සිට ආරම්භ වේ.
යොවුන් පරපුර රට ගොඩගැනීමේ වැඩපිළිවෙළෙහි කොටස්කාරයින් බවට පත්කර ඔවුන්ට නායකත්වය ලබා දීම ඔස්සේ රටට නැවුම් විසඳුම් ලබා දීමට සමගි විහිදුම් බලගණය ඔස්සේ කටයුතු කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
මෙම වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ ,චමින්ද විජේසිරි යන මහත්වරුන්ගේ නායකවයෙන් රට පුරාම දියත් කිරීමට නියමිතය.