ලස්සන වචන වලින් රවටා 2019 බලය ලබාගෙන මුළු රට බංකොලොත් කළ බවත්,හැමදාම ලස්සන වචන වලට රැවටීමෙන් සිදුවන්නේ විනාශය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සක්වල වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක බස්රථ ලබාදීමේ වැඩසටහන හරහා පරිත්‍යාග කෙරෙන රුපියල් ලක්ෂ 50 ක් වටිනා 51 වන බස් රථය කුරුණෑගල යාපහුව විජයබා මධ්‍ය විද්‍යාලයට ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

ලංකාව ලොව පළමු තැනට ගෙන ඒමට නම්,අධ්‍යාපන ක්‍රමය තුළ දැවැන්ත පරිවර්තනයක් සිදුවිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා ලෝකයේ බොහෝ දියුණු රටවල් අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය ලබාදී ඇතැයිද පැවසීය.