සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

අපගේ මාතෘ භුමියේ හැත්තෑහතරවන නිදහස් සැමරුම අනුස්මරනය කරන මේ මොහොතේ ආණ්ඩුව රට පත් කර ඇත්තේ මෙතෙක් අප විදි සියලු ආකාරයේ නිදහස අහිමි කිරිමයි.

මේ වන විට ජනතාවට ජිවන වියදම දරාගත නොහැකි තත්වයකට පත්ව තිබේ. අත්‍යවශ්‍ය ආහර පාන වල මිල අහස උසට ගොස් තිබේ. විදෙස් විනිමය අර්බුධය හමුවේ ඉන්ධන බෙහෙත් හෙත් අහාරපාන ආනයනය කිරිමට නොහැකි වී තිබේ. විදුලිය කප්පාදුවක් නැතැයි රජය පැවසුවද විදුලිය කප්පාදු කරයි. බස්රථ දුමිරිය ඇතුලු සියලුම ගමනා ගමන අංශයේ අයකිරිම් මහ ජනතාවට දරා ගත නොහැක.

අද වන විට රටේ භාණ්ඩ හා සේවාවන්හි මිළ පාලනය හෝ තිරණය ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහි ගොසිනි. ජනතාවගේ ගැටලු ආණ්ඩුවේ වගකිමක් නොවන තත්වයකට පත්ව තිබේ.

මෙවනි වාතාවරණයක් තුල ආණ්ඩුව රුපියල් කෝටිගනනක් වියදම් කොට නිදහස සැමරිමට උත්සව පැවැත්විම යනු ජනතාව අද මුහුණ දී ඇති ජිවන අරගලය පිළිබදව හෝ රටේ සැබෑ අභියෝගගය නොසලකා හැරිමකි.

නිදහස් සැමරුමට ගුවන් ගත කරන යානා මහ සයුරේ යාත්‍රා කරන නැව් සහ ප්‍රහාරක යත්‍රා වලට කෙතරම් ඉන්ධන වැයවේද? පෙරහුරු ඇතුලුව දින ගනනාවක් සිදුකරන මේ වියදම මේ මොහොතේ රටට දරා ගත හැකිද? ඩොලර් නොමැතිව ඉන්ධන නැව් මහ මුහුදේ නතර වී ඇත. අත්‍යවශ්‍ය ආහාර වරායේ ගුදම් වල සිරවී තිබේ. මෙවාට විසදුම් නැති ආණ්ඩුව ජනතාව භුක්ති නොවදින නිදහසක් සැමරිමට බිලියන ගනනක් වැය කිරිම සමගි ජන බලවේගයට කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවේ.

ආණ්ඩුව කල යුතුව තිබුනේ නිදහස චාමේ ලෙස සමරා මෙම වියදම ජනතාවගේ සුභ සාධනයට යෙදවීමයි. ආණ්ඩුව මුදල් සොයනුයේ ද මුදල් අච්චු ගසමිනුයි. එනිසා දැනටමත් උද්ධමණය සියයට දාහතර ඉක්මවා ගොසිනි. ආණ්ඩුවේ අලුත්ම උත්සාහය කලු සල්ලි ආර්තිකයට එක්කරිමයි. මුදල් ඇමතිවරයා කලු සල්ලි යොදවා යුද්ධයට ආයුධ ගත් බව කියමින් රටේ ප්‍රතිරුපය නිදහස සැමරිමට දින හතරකට පෙර කෙලසා දැමුවේ අනාගතයම අනතුරේ හෙලමිනි.

මෙවැනි වටපිටාවක පවත්වන නිදහස් සැමරුමට වගකිව යුතු විපක්ෂයක් ලෙසත් පක්ෂයක් ලෙසත් පොල්වත්ත පන්සලේ පැවැත්වෙන නිදහස් දින සැමරුම් ආගමික වතාවත් වලට සහභාගිවෙමින් නිදහස චාම් ලෙස සැමරිමට කටයුතු කළෙමු.

මේ මොහොතේ ආණ්ඩු රටට උදාකර ඇති දුර්භික්ෂ බිය, රෝ බිය, මරණ බිය තුරන් කර සැබැ නිදහස යලිත් ජන ජිවිතයට ලඟා කරදිමට ජනතාව සමඟ අපගේ ප්‍රජාතන්ත්‍රවී අරගලය මේ මොහොතේ සිට වේගවත්ව ක්‍රියාවට නංවන බව අවධාරණය කරමු.
.