සමගි ජන බලවේගය සංවිධානය කරන විරෝධතාවක් අද (15) කොළඹදී පැවැත්වීමට නියමිතයි.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

මෙම විරෝධතාවය කොළඹ නගරයේ ස්ථාන කිහිපයක දීම ජනතාව රැස්වී කොල්ලුපිටිය මන්සන්ධියට පාගමනින් පැමිණ පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිත අතර, ඊට සමගි සේවක සංගමය, සමගි වනිතා බලවේගය, සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

මෙම ආණ්ඩු විරෝධී දැවැන්ත විරෝධතාව සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් ලක්ෂයක ජනතාවක් අද (15 වැනිදා) දිනයේ කොළඹට රැගෙන එන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා සඳහන් කළා.

අද ආරම්භ කරන මෙම විරෝධතා ව්‍යාපාරය ඉදිරියේදී දිවයින පුරා තවත් නගර ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.