ඒ, ලොව ප්‍රමුඛ ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටිංග්ස් ආයතනය විසින්.

ඒ අනුව මෙතෙක් එය CCC යන කාණ්ඩයේ පැවති අතර නවතම වර්ගීකරණයවට අනුව එය CC යන මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා.

විදේශ සංචිත සීඝ්‍රයෙන් පහළ යාම සහ ඩොලර් අර්බුදය වැනි ආර්ථික කරුණු ගණනාවක් මෙයට හේතුව වී තිබෙන බවයි එම ආයතනය පවසන්නේ.

එමෙන්ම ඉදිරි කාලසීමාව සැළකීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අවධානම් වනු ඇති බවට ද ඔවුන් අනතුරු අඟවනවා.

එහිදී පසුගිය අගෝස්තු මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 02 කින් පමණ අඩුවීමත් පවතින තත්වයත් සැළකීමේදී ඉදිරි වසර 02 සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරික නියමිත පරිදි පියවීම පිළිබඳ ගැටලුවක් නිර්මාණය වනු ඇති බවද ෆිච් රේටිංග්ස් ආයතනය පෙන්වා දෙනවා