නියත වශයෙන්ම මේ රටේ මීළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා පවසයි .

ඔහු පවසා සිටියේ සමගි ජන බලවේගය පිහිටුවා මාස දෙකක් තුලදී ගම් මට්ටමේ කිසිම ශාකා සමිතියක් නොමතිව මහමැතිවරණයේ දී මන්ත්‍රී ආසන 54ක් ලබා ගැනිමට සමගි ජන බලවේගයට හැකි වුණු බවයි .

අද රටේ පවතින තත්ත්වය තුල ජනතාවට ජිවත් විමට නොහැකි තත්ත්වයක් තුල මීලඟ ජනාධිපතිවරණයෙදි සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජනාධිපති වන බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ .

සමගි ජන බලවේගයේ හොරු නැති පිරිසිදු පක්ෂයක් බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට අකුරට සේවය කරන බවද කියා සිටියේය .

හම්බන්තොට දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවීමට සියලුදෙනා අත්වැල් බැද ගන්න ලෙස ද දිලීප් වෙදආරච්චි මහතා ඉල්ලා සිටියේය .

මේ අදහස් පළ කළේ ඊයේ (19) මුල්කිරිගල ආසන සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි .