පසුගිය වසර කිහිපය පුරාවටම අපි දැක්කේ සෞභාග්‍යයේ දැක්ම පෙන්ව පෙනේවා ජනාධිපතිවරයාත් රජයක් හිතුවක්කාර අත්තනෝමතික තීන්දු තීරණ අරගෙන කටයුතු කරන හැටි. ඒ ගත්ත අමනෝඥ තීන්දු තීරණ නිසා අද වෙනකොට මුළු රටේම සමස්ත ජනතාවට ඒක විදවන්න සිදුවෙලා. අපි හොඳටම දැක්ක දෙයක් තමයි කෘෂිකර්මාන්තය විනාශ කරන්න රසායනික පොහොර තහනමක් එක රැයින් ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා කටයුතු කළා. ඒ තීරණය ගන්න කොට ඒ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් ඒ ක්ෂේත්‍රයේ ඉන්න විද්වතුන්ගේ, උගතුන්ගේ ඒ හඬට සවන් දීමක් වුණේ නැහැ .ඒ විතරක් නෙමෙයි මහපොලොවෙ පයගහලා පරම්පරා ගණන ගොවිතැනේ නිරත වෙලා හිටපු අත්දැකීම් බහුල ගොවි ජනතාවගේ හඩට ආණ්ඩුව සවන් දුන්නේ නැහැ. මහජන නියෝජිතයන් හැටියටත් විරුද්ධ පක්ෂය විදිහටත් අපි ඒ ගැන කරුණු කියලා මාධ්‍ය විසින් ඒවා පෙන්වා දෙන කොට සත පහකටවත් ඒ කියපු දේවල් මායිම් නොකර තමයි හිතුවක්කාර විදිහට ඒ තීරණය ගත්තේ ඒ ගත්ත තීන්දුවල අනිසි ප්‍රතිඵල අද හැම ක්ෂේත්‍රයකම ජනතාවට විඳවන්න සිදුවෙලා. මේ වන විට එදා ඒ පොහොර විගඩම සමාජගත කරන්න ඒක සාධාරණීකරණය කරන්න පෙනී හිටපු උදවියත් ආගිය අතක් නැති තැනට පත්වෙලා. ඒ කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යංශයේ විතරක් ලේකම්වරුන් පස්දෙනෙක් ඉල්ලා අස්වුණා. ඔවුන් මාරු කර කර කටයුතු කර ආකාරය දුටුවා එක ලේකම්වරයෙක් කල් ඇතුවම මේ රටේ ඇතිවෙන්න යන මේ සහගත තත්ත්වය පිළිබඳව ආහාර අහේනිය පිළිබඳව පෙන්වල දුන්නම අපි දැක්කා ඊට පහුවෙනිදාම ඔහුගේ තනතුර ඉවත් කරන හැටි. ඊට විරුද්ධව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ක්‍රියා කළ ආකාරය දැක්කා.

දැන් රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොර විතරයි කියලා ආණ්ඩුව කටයුතු කරද්දී ආසියාවේ කාබනික ගෙවත්ත බවට ශ්‍රී ලංකාව පත් කරන හැටි කිව්වා. රසායනික පොහොර නැතුව කාබනික වගාව තියෙන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කරන හැටි ජනාධිපතිවරයා කිව්වා. කාබනික වගාව හොඳටම කරේ අපි තමයි කියන හීනය ජනාධිපතිවරයා දැක්කා .අන්තිමට වෙන්න තියෙන විනාශය ගොවි ජනතාවට සිද්ධ කරලා සමස්ත රටටම ඒක බලපාන තත්ත්වයක් ඇති කරලා හීනෙන් අවදි වෙලා මට වැරදුනා සමාවෙන්න කිව්වට ගොවීන්ට වෙච්ච සෙතක් නැහැ. රසායනික පොහොර තහනම ඉවත් කරපු ගැසට් එක ගහලා ඒ ගැසට් එක රිවස් කරල මාස හයකට වැඩියි .තවමත් කොළ කෑල්ල විතරයි පොහොරත් නෑ වල්නාශක ලැබිලත් නෑ ගොවි ජනතාවට. අන්තිමට මේ වෙනුවෙන් ලොකු ලොකු කතා කියමින් පෙනී හිටපු ජනාධිපතිවරයා ගේ තීන්දුව සාධාරණීකරණය කරන්න හැම විටම පෙනී හිටපු කෘෂිකර්ම ඇමතිගේ පොහොර ඇමතිගේ පට්ටම් පවා ගැලවිලා ඒගොල්ලොත් පැත්තකට විසි වෙලා. දැන් හොදට තිබුණු රටක් අපි වැටිච්ච තැනක් කියමින් හූල්ලන්න සිදුවෙලා .

අපි රටක් ලෙස සහලින් ස්වයංපෝෂිත වෙලා හිටියෙ 2019 වසර දක්වා එක දිගට වසර කිහිපයක්ම දකුණු ආසියාවේ ආහාර සුරක්ෂිතතාවය රැකගන්න අපේ රට සමත් වුණා. එහෙම තිබුණු අපේ රටට අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම අවශ්‍ය වෙලා .එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ජුනි 8 වෙනිදා ලෝකයටම කිව්වා ලංකාවේ ජනගහනයෙන් මිලියන ගණනකට මේ අර්බුදයෙන් පීඩාවට පත්වෙන්න සිදුවෙලා කියලා .ඒ පිරිසට ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මාස හතරකට ආහාර අවශ්‍ය වන බව ලෝකයට ප්‍රකාශ කළා එක පැත්තකින් මේ රජය ඇති කරපු අර්බුදය පසුගිය මහ කන්නයට ගොවි ජනතාවට පොහොර ටිකවත් දිලීර නාශක ටිකවත් වල් නාශක ටිකවත් ලබා දෙන්න බැරිවෙලා. මේ අමනෝඥ පොහොර විගඩම නිසා සිදුවුණු දේවල් දිහා බැලුවොත් මේ වසරේ මුල් මාස 4 ඇතුළත ටට හාල් ආනයනය කරන සිදුවුණා සහලින් ස්වයංපෝෂිත වෙලා හිටපු රටට මුල් මාස 4 ඇතුළත හාල් ආනයන කරන්න සිදුවුණා හාල් මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ තිස් අට දහසක් පමණ පිටරටින් ආනයනය කරන්න සිදු වුණා ඒ සඳහා රජයට ඩොලර් මිලියන 92ක් වියදම් කරන්න සිදු වුණා. මෙන්න එක පුද්ගලයෙක්ට තනි තීරණ ගන්නට ඉඩ දීමේ ප්‍රතිඵල අපි අද භුක්ති විඳින හැටි. එහෙම නොවුනා නම් ඒ හාල් ගෙන්නන්න යොදවපු ඩොලර් මිලියන 92 තෙල් නැව් දෙකක් වත් ගෙන්නන්න ඒ මුදල් යොදවන්න තිබුණා. ඒ වගේම තමයි මේ පොහොර විගඩම නිසා අපිට කොතරම් මුදලක් වියදම් කරන්න සිදු වුණා. අපිට මතකයි දැකලත් නැති චීනෙන් ගෙනාපු අසූචි නැවක ඩොලර් මිලියන හයකට වැඩි ගානක් නිරපරාදේ වියදම් කරන්න සිදුවුණා. පසුගිය වසර මුල් මාස 3 ට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 3 තේ අපනයනයේ අපිට අහිමි වුණා විදේශ විනිමය ඩොලර් මිලියන පනස් දෙකක් හිදී අපි බැලුවොත් පොහොර ප්‍රශ්නය නිසා තේ අස්වැන්න අඩුවීම නිසා අපිට ඩොලර් මිලියන පනස් එකක් පලවෙනි මාස තුන ඇතුළත තේ අපනයනයෙන් විතරක් අහිමි වෙලා තියෙනවා. දැන් ලංකාවට තෙල් නැව් ඇවිත් ඒ වගේම ගෑස් නම් ඇවිත් ඩොලර් නැතුව මුදල් ගෙවා ගන්න බැරුව මුහුද එහෙට මෙහෙට පා වෙවී තියෙනවා අන්තිමට ප්‍රමාද ගාස්තු පවා විශාල ලෙස ගෙවන්න සිදුවෙලා අඩුම ගානේ තේ වලින් වෙච්ච අලාභය මකාගන්න වුනානම් අපිට ගෑස් නැවක් වෙනුවෙන් හරි ගෙවන්න තිබුණා.

එහෙම බලනකොට අපිට ඉතාම පැහැදිලියි කෘෂිකර්මාන්තයට කරපු විනාශය මේ රටේ ජනතාවට කොයි තරම් ලිපියට බලපානවද දිනපතාම වැඩිවෙමින් තිබෙන තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වලත් රස්තියාදු වන ජනතාවට මේ ගත්ත අමනෝඥ තීන්දු සෘජුවම බලපාන කරපු විනාශය නිසා ගොවි ජනතාවට අද පොහොර නැතිකමයි අස්වැන්නා හානියයි ආදායම නැති වීමයි විතරක් නෙමෙයි ඊට අමතරවත් ගොවි ජනතාවට මේ ප්‍රශ්න නිසා බැට කන්න සිදුවෙලා. අපේ රටේ ගොවි පවුල් ලක්ෂ තිහක් විතර හිතුවක්කාර තීන්දු නිසා සෘජු හෝ වක්‍රව තවමත් බැටකමින් සිටිනවා. අපි බැලුවොත් ඒ ගොවීන්ගේ ආදායම අහිමි වීම හරහා ඇතිකරපු පොහොර ප්‍රශ්නය නිසා අහිමි වෙච්ච ආදායම නිසා ඒ ගොවි පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමකට ලක් වෙලා . ඒ වගේම ඒ ගොවි පවුල්වල හිටපු සාමාජිකයෝ විවිධ රෝගවලින් පෙළෙන අයට බෙහෙත් ලබාදීම ඔවුන්ට අර්බුදයක් බවට පත් වෙලා ඒ විතරක් නෙමෙයි අපි දැක්කා ආණ්ඩුව කිව්වා මේ පොහොර ප්‍රශ්නය නිසා අගතියට පත් වුනා නම් යම් පාර්ශවයක් ඒ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීමට කටයුතු කරනවා කියලා විශාල ප්‍රචාරයක් දුන්නා .අපි පාර්ලිමේන්තුවේදී හිටපු කෘෂිකර්ම මේ ගැන ප්‍රශ්න කරාම ඔහු කිව්වා වී වගා කරපු අයට විතරක් වන්දි ලබා දෙනවා කියලා නමුත් කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා මේ වනතුරු තවමත් වී වගාවට වත් වන්දි ගෙවන්න ආණ්ඩුව අසමත් වෙලා ඒ වගේම ඒ ගොවි පවුල්වල උදවිය ණය සහ ලීසිං වාරික ගෙවා ගන්න බැරුව අද අසරණ වෙලා. ඒ වගේම අපි දකිනවා මේ දවස් වල පොහොර ප්‍රශ්නයක් ඇති කරලා ගොවි ජනතාව මහ පාරට ඇදලා දාපු උදවිය දැන් කියනවා රජයේ සේවකයන්ටත් වවන්න කටයුතු කරන්න කියලා ඇත්ත වශයෙන්ම දැනටමත් වගා කරපු ගොවි ජනතාවට අවශ්‍ය කරන පොහොර ටිකයි වල්නාශක දිලීරනාශක ටිකයි මාස ගාණක් ගිහිල්ලත් දීගන්න බැරි වෙච්ච ආණ්ඩුව තවදුරටත් තවත් පිරිසකට මේ විදියට වගා කරන්න කියලා කරන ඉල්ලීම් විහිළුවක් බවට පත් වෙලා .

අපි කියනවා ආණ්ඩුවට දැන් ජනතාව ඇන්දුවා ඇති කරුණාකරලා ඉක්මනින් විසඳුම් ලබා දෙන මේ අර්බුදයෙන් ගොඩ දාන්න පුළුවන් ක්‍රමවේදයකට කටයුතු කරන්න කියලා ආණ්ඩුවට කියලා. දැනටමත් වී වගා කරන එළවළු පළතුරු වගා කරන තේ පොල් රබර් කුරුඳු ඇතුළු සුළු අපනයන බෝග වගා කරන පිරිසට ඉක්මනින් පොහොර ලබා දීමට රජය කටයුතු කළ යුතුයි . තවමත් ඒ පිළිබඳව හැකියාවක් නැතුව ආණ්ඩුව තවදුරටත් මෙවැනි කතා කියමින් කල් ගත කිරීම අපි අනුමත කරන්නේ නැහැ .කොහොමත් අපි දන්නවා ඉදිරියට රජයට සිදු වෙනවා අනිවාරෙන්ම හාල් ආනයනය කරන්න ඒ ප්‍රමාණය පිළිබඳව තීරණය කරන්න සාධක දෙකක් බලපානවා එකක් තමයි දැනට ආරම්භ කරලා තියෙන යලකන්නය කොතරම් දුරට සාර්ථකද කියල බලන්න සිදු වෙනවා. මේ යල් කන්නේ ගැන ගොවීන් කියන්නේ මෙවර ලැබුනෙ අහසින් වැටුන වැහි බින්දුව පමණයි කියලා. පොහොර වත් අනිත් දේවල් වත් අවශ්‍යතාවන් ඉටු කරන්න ආණ්ඩුව අසමත් වුණා .ඊට පස්සේ මහ කන්නයේ සාර්ථකත්වය බලන්න සිද්ධ වුණා ඒක සාර්ථක කරගන්න අස්වැන්න ගන්න 2023 මාර්තු වෙනකන් ඉන්න වෙනවා ඒ දක්වා රජයට තියෙන එකම විකල්පය හාල් ගෙන්වන එක විතරයි හාල් ගෙන්නන්න ආණ්ඩුවට ඩොලර් කොහෙන්ද කියලා ආණ්ඩුව කතා කරන්නේ නැහැ. ඉන්ධන ගේන්න බැරුව ගෑස් ගේන්න බැරුව බෙහෙත් ගේන්න බැරුව ඩොලර් නැතුව ඉන්න ආණ්ඩුව කොහොමද මේ හාල් ගැන්වීම සඳහා මුදල් හොයාගන්න කියන එකත් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ නිසා ආණ්ඩුවට තවමත් මේ විසඳුම් වලට පේනතෙක් මානෙක ප්‍රශ්න වලට පේනතෙක් මානෙක විසඳුමක් හොයාගන්න බැරි බව අපට පේනවා මේ අර්බුදයේ කොච්චරද කියනවා නම් රජය විසඳුම් කෙසේ වෙතත් තියෙන බැරෑරුම් ගැන නම් නිතර ප්‍රකාශ කරනවා අපි දක්වා අග්‍රාමාත්‍යතුමා විශේෂ ප්‍රකාශයක් පාරලිමේන්තුව ගිය සතියේ කලා එතනදී එතුමා කිව්වා වසරකට ඩොලර් මිලියන 600ක් අවශ්‍යයි කියලා ඒ වගේම රටට අවශ්‍ය ඉන්ධන මාසයකට ඩොලර් මිලියන 500 අවශ්‍ය වෙන බවත් එතුමා සඳහන් කර ඉදිරියේදී තෙල් වල මිල සියයට 40 කින් විතර වැඩි වීමේ අවදානමක් ගැන එතුමා කිව්වා ඊයෙ වෙනකොට අපි දැක්කා අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා තෙල් සලාක ක්‍රමයට දීමට සිදුවෙනවා කියලා ඉදිරි මාස 6 ට තෙල් ගැන්වීමට පමණක් ඩොලර් මිලියන 3300ක් හොයා ගන්නට සිදු වෙනවා මෙවන් පසුබිමක් තුළ තමයි අද අපේ ජනතාව පෝලිම් වල පැය ගණන් දවස් ගණන් ලතවෙමි ඉතාම අසීරු තත්වයකට පත් වෙලා ජීවත් වෙන්න සිදු වෙලා තියෙන්නේ. ලෝක ආහාර සංවිධානය මෑතකදී කර සමීක්ෂණයකට අනුව ඊට සම්බන්ධ කරගත්ත පවුල් වලින් සියයට හැත්තෑ තුනක් ප්‍රකාශ කරලා තියෙන්නේ තමන්ගේ ආහාර වේල තුනක් කාපු එක්කෙනා වෙයිද එකට බැහැලා ආහාරයට ගන්න ප්‍රමාණය පවා කපා දාන්න සිදුවෙලා කියලා සමීක්ෂණයෙන් හෙළි වෙලා තියෙනවා ඉතින් ජනතාවට අද ජීවත් වීමේ විශාල ම අර්බුදය ඇති වෙලා තියෙනවා අපේ රටේ ඉතිහාසයේ කවදාවත් නැති විදිහට අද ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා හෙට දවස ගතකරන්නෙ කොහොමද කියලා අභියෝගය ජනතාව ඉදිරියේ තියෙනවා අපි දැක්කා ආදායම් අඩු වෙලා වියදම් අසීමිතව වැඩි වෙලා කිසිම භාණ්ඩ මිල පාලනයකට අද ආණ්ඩුවට යන්න බැරිවෙලා .ධීවර කර්මාන්තය ගත්තොත් ධීවරයන්ට ඉන්ධන මිල දරාගන්නත් බෑ ඉල්ලන හිඟ නිසා තමන්ගේ කර්මාන්තයට විශාල බලපෑම් එල්ල වෙලා මේ වෙද්දි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්පූර්ණම බරපතල ගැටලුවකට මුහුණ දීලා සිමෙන්ති මිල යකඩ මිල තෙල් මිල ඇතුළු සියලුම වියදම් අද මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල අසරණ තත්වයකට පත්වෙලා .ඒ වගේම සංචාරක ව්‍යාපාරය සම්පූර්ණ ඇණහිටලා ඒ සඳහා ණය අරගත් උදවියට ණය ගෙවාගන්න බැරි වෙනවා කල්බදු ක්‍රමයට ගත්තාය යන්ත්‍රසූත්‍ර කල්බදු ක්‍රමයට ගත්ත ඒවා ගෙවා ගන්න බැරුව ඒ ආයතන ඒඅයගේ පිටිපස්සේ එලවනවා රජයේ සේවකයින්ට පවා අධික ජීවන වියදමත් එක්ක භාණ්ඩ හා සේවා මිල ගණන් දිනපතා වැඩිවීම නිසා පඩියෙන් ජීවත් වෙන්න බැහැ පෞද්ගලික අංශයත් ඔවුන්ගේ රැකියා අවදානමට ලක් වෙලා එදිනෙදා හම්බ කරගත්ත කුලියක් කරපු මිනිස්සු අන්තිම අසරණ වෙලා ත්‍රීවීලර් රියදුරා වෙනුවට පෝලිම් වල ගතවෙන්න සිදුවෙලා අඩු ආදායම්ලාභීන් විතරක් නෙවෙයි මධ්‍යම පාන්තිකයන් විශාල අර්බුදයකට මුහුණ දෙනවා අපි බැලුවොත් විශ්‍රාමික නොලැබෙන එම වැටුපෙන් ඔවුන්ට ජීවත් වෙන්න තත්ත්වයට පත්වෙලා බෙහෙත් ටික ගත්තොත් ආහාර කන්න සල්ලි නෑ කෑම බීමට වියදම් කර බෙහෙත් ටික ගන්න සල්ලි නෑ ඒ දෙකෙන් එකක් නැති වුනොත් ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඒ අය තුළ තියෙනවා ඒ නිසා ආණ්ඩුව ඇති කරපු මේ ප්‍රශ්න වලට අද සමස්ත ජනතාව මුහුණ දෙනවා නමුත් ආණ්ඩුවට බව මින් කිසි වැඩපිළිවෙළක් මේ සම්බන්ධයෙන් නැති වීම ගැන කනගාටු වෙනවා අපි ප්‍රධාන විරුද්ධ පක්ෂය හැටියට ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළා වරදාන වරප්‍රසාද තනතුරු මට්ටම් අපිට අවශ්‍ය නැහැ නමුත් රට වෙනුවෙන් මේ අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් ගන්නා ඕනෑම හොඳ ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය දෙන්න අපි සූදානම් අපි ආණ්ඩුවට ගියානේ පම්පෝරි කතා බොරු තන්දර කිය කිය ඉන්නෙ නැතුව කරුණාකරලා ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කරන්න කියලා.

ගයන්ත කරුණාතිලක මහතා.