මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක තෙන්නකෝන් ඉවත් කිරීමට ආණ්ඩු පිල ගෙන ආ යෝජනාව අනුව අද පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් පැවැත්විය. එහිදී එම එම යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් සහ විපක්ෂව ඡන්ද 77ක් ප්‍රකාශ කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටිය සමයේ පත් කළ මහජන උපයෝගිතා කොමිසම සභාපති වත්මන් ආණ්ඩුව හමුවේ විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව හඬක් නැගූ නිලධාරියකු ලෙස නම් කළ හැකිය.

කෙසේවෙතත් මොහුව ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 46 කින් ආණ්ඩු පිල ජයග්‍රහණය කළේය. එම ඡන්ද විමසීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙවැනි අදහසක්.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අස් කිරීමට අද පැවති ඡන්ද විමසීමේදී මහජන නියෝජිතයින් හැසිරුණු ආකාරය අනුව ජනතාවගේ පැත්තේ ඉන්නේ කවුද, දුර්දාන්ත ආණ්ඩුව පැත්තෙන් නේ කවුද යන්න රටටම හෙළිදරව් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.