ඖෂධ ආනයනයේදී සිදුවන බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් තමන් නැගූ චෝදනාවන් පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමක් ලැබී තිබුණා.

පැය 5ක පමණ කාලයක් තමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, ඖෂධ මාෆියාව පිළිබඳ සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බවත් යාපා බණ්ඩාර මහතා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර සිටියා.

දීර්ඝ කාලයක සිට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ පිළිබඳව දිගින් දිගටම හඬ නැගූ අතර බාල ඖෂධ ගෙන්වීම සහ හදිසි මිලදීගැනීම් පිළිබඳව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව තුලත් අවධානය යොමුකරමින් හඬ නැගුවා.

දිගින් දිගටම මතු වූ සෞඛ්‍ය ගැටළු හේතුවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවකට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ගෙන ආ අතර දින තුනක් තුල පැවති විවාදය හමුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොරු බේගල් ඇදබාමින් වරදී මතයක් සමාජගත කරමින් විශ්වාසභංග යෝජනාව ඡන්ද 113කින් පරාජය කරනු ලැබුවා.

සෞඛ්‍ය ගැටළු දිගින් දිගටම වර්ධනය වීමත්, සෞඛ්‍ය ඇමතිට පමණක් නොව සමස්ථ ආණ්ඩුවටම සෞඛ්‍ය ගැටළු පිළිබඳව චෝධනා එල්ල වීමත් නිසා මේ වන විට ජනතා විරෝධය මගහරවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති මාරුවක් සිදුකර කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ලෙසත් නව සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ අමාත්ත්‍යවරයාත් පත්කර ඇති නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකහෙලා ප්‍රකාශ කරන්නේ ඇමති මාරුවකින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ වංචා දුෂණ යටගැසීමට හෝ ජිවිත වලින් වන්දිගෙවූ පුද්ගලයින්ට සාධාරනයක් ඉටු කර නොහැකි.

මිට අමතරව නව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ විසින් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා ඇති බවත් එම කැඳවීමට එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා කැඳවා නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආංරචි මාර්ග අනාවරණ කරනවා.

කෙසේවෙතත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙසට නව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ නියෝග කිරීමට නියමිත බව ද ආරංචි මාර්ග අනාවරණ කරන අතර මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත් කර ඇති බවයි වාර්තා වන්නේ.