ආණ්ඩුව කැබිනට් සංශෝධනක් සිදු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ වැරදි ආණ්ඩුවේ ඇමතිවරු පිටට දමා ගැලවීමට බව යැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කියා සිටියේය .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ඇමතිවරුන් නොව රට පාලනය කරන නායකයා බවයි .

විදුලිය , ඉන්ධන අර්බුදයට හටගත්තේ ඇමතිවරුන්ගේ වරදින් නොවන බවත් එයට සම්පූර්ණ වගකිව යුත්තේ රටේ නායකයා බවත් එම වැරැද්ද වසා ගැනිමේ අරමුණින් කැබිනට් සංශෝධනයක් ආණ්ඩුව කරන බවත්ය .

සටහන – CJ