බන්ධනාගාරගත කොට සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත තුන්වැනි වරටත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද ලිපියක් යොමු කර ඇත.
මිට ඉහත අවස්ථා දෙකකදීද මේ සමබන්ධයෙන් කරුණු දක්වා ඒ මහතා නිදහස් කිරීමට කටයුතු කරන මෙන් සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.
රන්ජන් රාමනායක මහතා සිරගතව සිටින්නේ සොරකම් කිරීමෙන් හෝ අයථා වැඩ කිරීමෙන් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ මහතා නිරන්තරයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බවද කීය. සීනී වංචාවට, පොල්තෙල් වංචාවට, ගෑස් මගඩියට සහ පොහොර මගඩිය ඇතුළු වංචාවන්ට සම්බන්ධ දූෂිතයන් තවමත් නිදැල්ලේ සිටියද එවැනි වැරදි කර නැති ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ රන්ජන් රාමනායක මහතා පමණක් සිරගතව සිටින බවත් හෙතෙම පෙර අවස්ථාවේ යොමුකළ ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.