රට වර්තමානයේ මුහුණ පා ඇති ඩොලර් අර්බුදය විසදා ගැනීමේ හරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ආණ්ඩුවට කියයි.

ඔහු කියා සිටින්නේ ජත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහින් හෝ ඩොලර් අර්බුදය විසදිය යුතු බවයි .

ලංකාව මේ වන විට හිගන රටක් බවට පත් වී ඇති බවත් එමගින් ලංකාව හිර වීමෙන් රටේ සම්පත් විදේශ රටවල් වලට විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද ඉරාන් වික්‍රමරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේය .

මේ බව කියා සිටියේ අද (16) සමගි ජන බලවේගයේ ප්‍රධාන කර්‍යාලයේ දීය .