නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාලයත් සමඟ පෞරානික වටිනාකමකින් යුත් මහනුවර සමූපකාර ගොඩනැගිල්ලත් විකිණීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව විපක්ෂයේ ප්රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා.
ඔහු මේ බව ප්රකාශ කළේ, නුවරඑළිය තැපැල් කාර්යාලය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති වූ අවස්ථාවේදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
“රට පුරා හිස් හෝටල් තියෙද්දි අලුත් හෝටල් අරින්නේ මොකටද. මහනුවර සමූපකාර ගොඩනැගිල්ලත් විකුණන්න දාලා තියෙනවා. ආදායම් වැඩි කරගන්න හදන්නේ නෑ. විකුණලා විකුණලා බදු ගහන එක තමයි මෙයාලගේ ප්රතිපත්තිය.”