මේ රටේ මේ ප්‍රශ්න ටික ඇති කරලා රට සම්පූර්ණම විනාශ කළේ පොට්ටුවේ ආණ්ඩුව බව විපක්ෂ නායක කාර්යාලයේ අද (22) පස්වරුවේ පවතී මාධ්‍ය හමුව දී පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් මහතා පැවසීය.
ඒ පිලිබදව වැඩිදුරටත් අදහඩ් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් මහතා.
ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ පැහැදිලිව කිව්වේ මේ රටේ මේ ප්‍රශ්න ටික ඇති කරලා රට සම්පූර්ණම විනාශ කළේ පොට්ටුවේ ආණ්ඩුව කියලා. එහිදී ජනාධිපතිවරයාට 20 වැනි සංශෝධනයෙන් ඒකාධිපති බලයක් දුන්නු ඒ කණ්ඩායමත් එක්ක තමයි අපි වාඩිවෙලා හැමදාම සාකච්ඡා කරන්නේ. අපේ කණ්ඩායමක් මේ මඩ ගොහොරුවේ ගිහිල්ලා වැටිච්ච සියලු දෙනත් එක්ක තමයි කතා කරන්නේ. මාස එකහමාරක් අගමැතිවරයා පත්වුණාට පස්සේ අපි මොනවත් නොකර හිටියා හේතුව ජනතාවට යම්කිසි සුළු හෝ සහනයක් ඇති වෙනවද බලන්න. හැබැයි කිසිසේත්ම සහනයක් නෙමෙයි අඩුම තරමේ පාර්ලිමේන්තුවට ඇවිල්ල ඉදිරි කාලය තුළ සහන සලසන්න අවශ්‍ය වැඩපිළිවෙළ වත් කිව්වේ නැහැ . රටේ ආදායම ගැන වියදම ගැන සුබසාධන වැඩපිළිවෙළ ගැන අත්‍යවශ්‍ය සේවා ගැන අඩුම තරමේ මොනවද රටට ඉදිරි කාලයේ කරන්නේ කියන සැලසුමක් වත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සාකච්ඡා කළේ නැහැ. ඒ නිසා තමයි අපි ඊයේ දිනයේ තීරණය කරේ පාර්ලිමේන්තුව වර්ජනය කරන්න .අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂනායකවරයා විදිහට මුලු විපක්ෂයම එකතු කරගෙන ඒ තීන්දුව ගත්තේ .අපි පාර්ලිමේන්තුවේ වාඩිවෙලා අවුරුදු දෙකක් තිස්සේ කියපු යෝජනා ගැන බැලුවේ නැති මේ කාළකන්නි ආණ්ඩුව මේ මාස කිහිපයේදී වත් අඩුම තරමේ විසදුමක් දෙයි කියලා බලන් හිටියා . මෙවැනි විනාශයක් තුල රටත් ජනතාවත් අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා. පෝලිමේ මිනිස්සු මැරෙනවා. ඒ දේවල් වලට කිසිම පියවරක් ගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ගිහින් නිකම් කතා කරනවා දෙපැත්ත කියව ගන්නවා විතරයි .හැබැයි ජනතාවට උත්තර නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තවදුරටත් වාඩිවෙලා කතා කරන තැනක් නෙමෙයි .ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ නැතිනිසා තමයි අපේ එළියට ආවේ .වෙනත් කාරණාවක් නිසා නෙමෙයි.
මේ අය පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඊට පස්සේ කරපු එකක් වත් ජනතා හිතවාදී ජනතාවට හිතකර දේවල් ද? සිදු වුණේ. මම දැක්කා අපේ ගිය හාදයෙක් ඕනම එකක් විකුණන ඕනම දහ ජරාවක් වරප්‍රසාද වලට ගන්න එකෙක් නැගිටලා කියනවා 21 ගෙන හින්දලු අපි ගියේ .දැන් විසි එක් වෙනි සංශෝධනය ගෙනල්ලා කියනවා ඒ තියෙන්නේ 20 තවදුරටත් ශක්තිමත් කරලා මේ රටේ ජනතාව එළියට බැහැලා මොනවද කිව්වේ ගෝඨා go home කියලා අද කියන්නේ ගෝඨා පල කියනවා . රනිල් පල කියන තැනට ඇවිත් තියෙනවා. ජනතාව වීදි වල කෑගහන කියනවා. තෙල් පෝලිම් වල මේක කියනවා .සමස්ත රටේ නිකම් ඇවිදින තැන් වල හැම තැනකම කියනවා එහෙම කියන අවස්ථාවකදී 21 වන සංශෝධනය ගේනවා කියලා ඒකට මුවා වෙලා කැබිනට් ඇමතිවරු ප්‍රසාද අරගෙන සියලු සැප පහසුකම් භුක්ති විඳින ගමන් මොනවද කළේ. ලැජ්ජ නැතුව අගමැතිවරයා එදා පක්ෂයක් විදිය එක්සත් ජාතික පක්ෂය බේරගත්තේ දින 32 දී දිවි පරදුවට තියලා .කෝටි ගණන් අපේ පස්සේ අරන් එනකොට ඒවත් සියල්ලට පයින් ගහන තමයි අපි ඇවිත් දින 52 රටේ ගෞරවය ආරක්ෂා කරන අගමැතිධුරය ආරක්ෂා කරන විවස්ථාවේ ගෞරවය ආරක්ෂා කරලා තමයි එදා මේ රටේ ජනතාවත් එක්ක හිටගෙන ඒ සත්‍ය රටට ප්‍රකාශ කරලා ඒ දේ කරේ. හැබැයි අද මොකද කළේ 21 වෙනි සංශෝධනය කැබිනට් එකේ අනුමත කරනවා ලැජ්ජ නැතුව මොකක්ද ඒකෙ තියෙන්නෙ මේ ජනාධිපතිවරයාට අපි යෝජනා කළේ අපි ආණ්ඩුව භාර ගන්නවා නම් ජනාධිපතිවරයාට යම්කිසි කාල රාමුවක් තුළ යන්න ඕන. මොකද මේ ජනාධිපතිවරයා තමයි මේ රට මේ තත්වයට පත්කළේ. එතුමාට යන්න බැරිනම් එතුමාගේ තියෙන ඒකාධිපති බලය අයින් කරන්න ඕන කියලා අපි කිව්වේ ඒ නිසා තමයි 21 ගෙව්වේ 19 හා සමානව අද මොකද උනේ 19වැනි සංශෝධනය ටත් එහා ගියපු ඒකත් විනාශ කරපු විසි එකක් ගේනවා 21ක් මේ ජනාධිපතිවරයා ඉන්නකන් ඒකාධිපති බලතල එහෙම තියෙනවා ඊට පස්සේ ඕන දෙයක් කරගන්න කියන එක තමයි මේ ගෙන විසි එකේ තියෙන්නේ ඒක කරන්නද මේ මිනිස්සු ඇමතිකම් ගත්තේ ජනතාවට පට්ටපල් බොරු කිව්වේ. ඒ නිසා කියනවා අපෙන් ගිය උන්ටත් මේ පාර්ලිමේන්තුවේ ඇවිත් කටමැද දොඩවන්න එන්න එපා .එහිදී ඉදිරි කාලයේ දී ලොකු ප්‍රශ්න ඇති වෙයිඅපි පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටින්නේ නැහැ වරප්‍රසාද වෙනුවෙන් සමගි ජන බලවේගය අපේ නායකයා සජිත් ප්‍රේමදාස අපිට උගන්වලා තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන හිටගෙන වැඩ කොටස හරියට කරන්න. ඒ නිසා අපි කියනවා අපෙන් කාලා අපේ සමගි ජන බලවේගය නැත්තම් ඔයා පාර්ලිමේන්තුවේ නෑ ගෙවල්වල එහෙම ඉන්නව ලැජ්ජ නැතුව ඇඳුමක් ඇඳගෙන ඇවිත් එහා පැත්තට ගිහින් අපේ ගත්ත බලලා පාර්ලිමේන්තුව කරන කතා දැක්කම අපිට පාර්ලිමේන්තුවට එන්න ලැජ්ජයි. ඒ නිසා ඔය මිනිස්සුන්ට කියනවා කරුණාකරලා රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න බැරිනම් ගෙදර යන්න එහෙම නැත්තං අපි ඉදිරි කාලය තුළ එලවනවා කියන එක මතක තියාගන්න ඔය නිකම් නෙවෙයි ක්‍රමවේදය අපි දන්නවා ක්‍රමවේදයට සූදානම් වෙන්න ජනතා විරෝධී අනිත් උන්ට මඩගල සත්‍ය වසන් කරලා දෙන්න නම් ඇමතිකම හිටපං සද්ද නැතුව කියන කාරණාව මතක් කරනවා.
අදත් පාර්ලිමේන්තුවේ මොනවද කතා කරන්න ජනතාවගේ එක ප්‍රශ්නයක් අද දවසේ විසඳෙන්නේ නැහැ. එහෙම යෝජනාවක් වත් නැහැ .මේ වෙනකොට බැඳුම්කර ප්‍රශ්නයකට සල්ලි ගෙව්වේ නෑ කියලා ඇමරිකාවේ නඩු දාලා. මුළු ලෝකයම එක දැනගන්නවා .ඒ විතරක් නෙමෙයි 21 එහෙන් ගේනවා සම්පූර්ණ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියනකොට ජනතාව 21 නැවත වතාවක් ගේනවා තවත් ශක්තිමත් වෙච්ච ඒකාධිපති ජනාධිපතිවරයෙක් බිහි කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ. එහෙම ගෙනත් මොකද කරන්නේ අවුරුදු 25 තමයි මෙච්චර කල් ගෘහ සේවිකා හැටියට විදේශගත වෙන්න තිබුණේ ශ්‍රී ලංකා කාන්තාවන්ට අද එය 21ට අඩු කරා ඒ 21ට 21 සමාන කළා මොකක්ද ඒකෙන් කැලේ අපි දන්නවා සෞදි අරාබිය මැදපෙරදිග මේ කාන්තාව කොච්චර අසරණ වෙනවද ගෘහ සේවිකාව හැටියට ගිහිල්ලා අපි මේ අයව අවම කරලා පළපුරුදු දක්ෂ වෙනම කණ්ඩායමක් හැටියට මානව සම්පත හැටියට යවලා තමයි විදේශ රැකියා වලින් දෙයක් උපයන්නේ. හැබැයි ඒ අයවත් අහිංසක දරුවො ටිකක් විකුනනවා 21සිට 25 කියන්නේ ඇත්තටම දෙයක් තේරෙන්නේ නෑ .එහිදී කාන්තාවන් විශාල ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒකත් විකුණන්න මේගොල්ලෝ නීති හදනවා.
මේ නිසා කියනවා තව දුරටත් ගෝඨාභය රාජපක්ෂට තවදුරටත් ජනාධිපති විදියට ඉන්නත් රනිල් වික්‍රමසිංහ ට අගමැති විදියට ඉන්නත් කැබිනට් මණ්ඩලය ඉන්නත් අයිතියක් නැහැ .