රටක් අඳුරේ තියන්නම් ආණ්ඩුවක්, ඇමතිවරු මොකටද යන්න සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රශ්න කර සිටියේ ය.

අද වන විට බලශක්ති ඇමති හා ඛනිජ තෙල් ඇමති එකිනෙකාට චෝදනා කරමින් සිටින බවත් එමගින් සිදු වන්නේ ජනතාවට විදුලිය නොලැබීම බව තිස්ස අත්තනායක මහතා කියා සිටියේ

ඔහු කියා සිටියේ ජනතාවගේ මුලික අවශ්‍යතාවක් වන විදුලිය ලබා දීමට වත් ආණ්ඩුවට නොහැකි වී ඇති බවය.

වැඩිදුරට පැවසූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා,

“අද දවසේ මම විදුලි පන්දමක් අරගෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට ආවේ එයට හේතුව අද ඉඳලා විදුලිය කපා හැරීම ස්ථිර වෙලා තිබෙනවා එය අවදානම් ලොකුගේ ගෙදර සිට කපාහැරීම් පටන් ගන්නවා. මේකෙන් සිද්ධ වෙන්නේ මුළු මහත් රටේ ආර්ථිකයට බරපතළ ප්‍රශ්නයක් ඇතිවීමයි අමාත්‍යංශය දෙකක් අතර ඇති කඹ ඇදිල්ල හා නිළධාරින්ගේ ක්‍රියාකලාපයත් විවිධ ප්‍රකාශ කිරීමත් රඟ දක්වන නාට්‍ය දිහා බැලුවම ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වන විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් කවුද තීරණය කරන්නේ කියලා ලොකු ගැටලුවකට පත්වෙලා.

අද වෙනවිට බලශක්ති ඇමතිවරයා විදුලිබල අමාත්‍යංශයට තෙල් ලබා දීම පිළිබඳ බරපතළ ප්‍රකාශ කරමින් තිබෙනවා. ඔහු ඩොලර් වලින් සල්ලි ඉල්ලනවා ඇත්තටම ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය තෙල් සැපයීම ඉතිහාසයේ සිටම තෙල් සංස්ථාව සිදු කර තියෙනවා එය රජයේ වගකීමක් දැන් මිනිස්සු අපෙන් අහන්නේ කවුද ආණ්ඩුව කරන්නේ කියලා ආණ්ඩුවක් නැතුව ඇමතිවරු එකිනෙකාට චෝදනා කරගනිමින් පරස්පර කතා කියමින් මේ කරන ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය වන්නේ මේ රටේ ජනතාව විශාල පීඩාවකට පත් වීමයි.

අද බලන්න විදුලි අර්බුදය දිහා එය නිර්මාණය වෙනවා කියන එක පූර්ව කථනයකට එන්න අමාත්‍යංශයට පුළුවන්කම තියෙන්න ඕන. රටේ ජාතික සැලැස්මක් හදන්නෙ එහෙමයි. මේ කාලේ ලයිට් දෙන්න බැරිවෙනවා, මේ කාලෙට ලයිට් එක අඩු වෙනවා, නිෂ්පාදනය වැඩි වෙනවා, කියලා පුරෝකතනය කරන්න ඕන. නමුත් එහෙම නොකර තවමත් හදිස්සියේ සිදුවන දෙයක් හැටියට විදුලිය කපා හැරීමට ගත්ත තීරණය ඉතාමත් වැරදි සහගත තීරණයක්. අපි අහන්නේ මේ සිද්ධිය ඇති වෙලා තිබෙන්නේ ස්වභාවික හේතුවක් නිසාද ?වෙන අවුරුදු වල පායනවා ස්වභාවිකව විදුලි බලාගාර නිෂ්පාදනයේදී අඩුවක් තියෙනවා විදුලි බල මණ්ඩලයට එහිදී මුහුණ දෙන්න හැකියාවක් තියෙනවා අපි අහනව විදුලි බල අමාත්‍යංශය හා රජයට මේ වගේ අර්බුදයක් ඇති වෙන්න මූලික සැලසුමක් වගකීමක් ක්‍රියාත්මක වෙනවාද කියන එක .

මේ ආකාරයෙන් විදුලිය බිඳ වැටෙන්නේ එක හේතුවක් නිසා ඒ තමයි බලාගාරවල විදුලි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා දීමට අසමත් වීම. එහි වගකීම තිබෙන්නේ බලශක්තිය අමාත්‍යාංශයට හා රජයට එය තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු නොකිරීම නිසා සහ ඩොලර් අර්බුදය නිසා තෙල් ගෙන්වාගැනීමට ඇති නොහැකියාව හේතු කරගෙන එම නිසා අද මුළු රටටම අඳුරේ සිටින්නට සිදු වෙලා තිබෙනවා ඒකයි භයානක කම මේ වගේ තත්ත්වයක් උදාකරන්න ඇමතිවරු ඕනෙද ආණ්ඩුවක් ඕනද ජනතාව ඒ අය පත් කරන්නේ ජනතා සේවාවන් නිසි ලෙස ඉටුකරන්න අවාසනාවන්ත ලෙස ලංකාවේ කිසිදු සේවාවක් මහජන අවශ්‍යතාවයක් ඉටු කරන්න මේ ආණ්ඩුව අසමත් වෙලා.”

මේ බව කියා සිටියේ අද(24) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .