එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත් කිරීමට තීරණය වී ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව දැනට පක්ෂයේ මහලේකම් ධුරය දරන පාලිත රංගේ බණ්ඩාර ට එම තනතුර අහිමි වනු ඇත.

බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් රවි කරුණානායකට එල්ල වී තිබුණි.

එජාප මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක හා භාණ්ඩාගාරික තනතුරු සඳහා වෙනත් නිලධාරීන් පත් කිරීමට ද සැලසුම් කර ඇත.

පක්ෂයේ සභාපති ධුරය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වන අතර ජාතික සංවිධායක ධුරය සාගල රත්නායක විසින් දරුයි.