මා සෞඛ්‍ය අමත්‍ය ධූරයේ වැඩ භාර ගන්නා විට කාන්තාවන්ට වැළඳෙන ගැබ් ගැබ්ගෙල පිළිකාවට සහ පියවරු පිළිකාවට ලබා දෙන ඖෂධ ඒකාධිකාරියක් තිබූ බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙම පිළිකා සඳහා ගෙන්වූ බෙහෙත් ඒකාධිකාරය නිසා රු280000ක් වන ඖෂධ මාත්‍රාවකින් එක් වෛද්‍යවරයකුට රු100000ක මුදලක් ලබාදීම නිසා වෛද්‍යවරුන් අමාත්‍යවරයාට දොස් පැවරූ බවත් එම ඖෂධ ආයතන මගින් අමාත්‍යවරයාට නඩු පැවරූ බවත්ය.

ලාභාංශ පිළිබඳව මායිම් නොකොට රෝගීන්ගේ අයිතිය වෙනුවෙන් කටයුතු කළ නිසා ඖෂධ ඒකාධිකාරිය බිඳ දැමීමටත් රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත් සමත් වූ බව රාජිත සේනාරත්න මහතා පැවසීය.

තැලිසීමියා රෝගයට ගොදුරු වූ දරුවන් වෙනුවෙන් අපේ ආණ්ඩු සමයේ ඉදිවෙමින් තිබූ ගොඩනැගිල්ල පවා නතර කර ඇති බවත් එම දරුවන් අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බවත් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රදේශයේ ම එම ගොඩනැඟිල්ල ඉදි වෙමින් තිබූ බවත් මෙහිදී ඒ මහතා පැවසීය.

Video clip ;- https://fb.watch/m_eD0N5dGM/