කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල තුල සිටි සිසුන් ඊයේ තාවකාලිකව එම ගොඩනැගිල්ලෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා ඒ නව පස්චාත් උපාධි ආයතනයක් විවෘත්ත කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංග කැලණියට පැමිණීමට විරෝධය පළකරමින් බවයි සඳහන් වන්නේ.

ඊයේ රාත්‍රියේදී සිසුන් මහනුවර දෙසට වන පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධය පළකර ඇති අතර මෙම විරෝධතාවය විසුරුවාහැරීමට පොලිසිය විසින් ජාල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අධ්යාපනයට ප්‍රතිපාදන වෙන් නොකර, ශිෂ්‍ය ආධාර නිසි ලෙස ලබා නොදී, සරසවි ශිෂ්‍යයන්ට අධ්‍යාපනය හැදෑරීමට තිබෙන අවස්ථා සීමා කරමින් දේශපාලන සංදර්ශන දැමීමට පමණක් විශ්ව විද්‍යාල භුමිය තුලට පැමිණීමට කිසිඳු අයිතියක් නොමැති බවයි.