සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා 2022/07/14 වන දින ඉදිරිපත් කල තරුණ නියෝජනය පිළිබඳව යෝජනාව අවභාවිතා කරමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ මෙවලමක් ලෙස දොලවත්ත මන්ත්‍රීවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව පසුගිය දා වරප්‍රසාද කමිටුවට එම ගැටලුව ගෙන යන ලදි.

ඒ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඑල්ල මහතා පාර්ලිමේන්තුව තුල පසුගිය දා හඬ නැගූ අතර අද (10) ඒ පිළිබඳව ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුව තුල ප්‍රශ්නයට නගනු ලැබීය.

මන්ත්‍රීවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විලියම් බ්ලෙන්තොල් (william blumenthal) කතානායකවරයා කල කතාවක් උපුටා දක්වමින් මෙසේ කියා සිටියේය.

“මට ඔබ දැකීමට ඇස්වත් කතා කිරීමට දිවක්වත් මෙතන නැහැ මණ්ඩලේ සේවකයා වන මම එය කියන පරිදි ක්‍රියා කරමි”

එම කියමන පුර්වාදර්ශ කොට ගනිමින් අමාත්‍යවරයා කතානායකවරයාට කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් රැකදීම කතානායකවරයාගේ පුර්ණ වගකීම බවයි.

2022 ජනවාරි 6 වන දා පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ පනතට තරුණ නියෝජනය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කල බවත් ඉන් අනතුරුව ස්ථාවර නියෝග 52/7 යටතේ මස 6ක් තුල නිර්දේශ නොලැබුනොත් මන්ත්‍රීවරයාට එම පනත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුව තිබෙන බවත් එතුමා පැවසීය.

චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති වරප්‍රසාද කමිටුවේදී මේ පිළිබඳව වරදක් සිදුව ඇති බව ඒකමතිකව තීන්දු කල බවත් ඒ පිළිබඳව කටයුතු කිරීමට කතා නායකවරයාගෙන් ඉල්ලුම් කරන බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කරමින් ප්‍රශ්නයට නැගුවේ පක්ෂ රැස්වීමේදීත්, පක්ෂ නායක රැස්වීමේදීත්, කතානායකවරයා පත්කළ වරප්‍රසාද කමිටුවේදීත් මේ නිගමනය කර තිබියදී කතානායකවරයා මේයා උල්ලංගනය කරන්නේ ඇයිදැයි යන්නයි.