භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් වැඩි කළ බවත් එය පාවිච්චි කරන්නේ ධීවර කර්මාන්තයේ අය වතුකරයේ ජීවත් වන ජනතාව මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ඔවුන්ගේ දුප්පත්කම දිළිඳුකම හේතු කරගෙන බව ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවකට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් වැඩි කළා එය අසාධාරණ ක්‍රියාවක් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවටයි මේ ආකාරයට විශාල මිලකින් භූමිතෙල් ලීටරයක මිල වැඩි කලේ. මීට පෙර කවදාවත් එහෙම කරලා නැහැ මොකද භූමිතෙල් සහනාධාරයක් ලබා දුන්නා ⁣මොකද එය පාවිච්චි කරන්නේ ධීවර කර්මාන්තයේ අය වතුකරයේ ජීවත් ජනතාව ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ඔවුන්ගේ දුප්පත්කම දිළිඳුකම හේතු කරගෙන සහ එවැනි කටයුතු සඳහා භූමිතෙල් යොදා ගත්තා. ඇත්තටම භූමිතෙල් දුප්පත් මිනිහගේ බලශක්තිය විදිහට තමයි සැලකුවේ. නමුත් අවාසනාවට ආණ්ඩුව මේ කිසිවක් නොසලකා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 84ට තිබුණ භූමිතෙල් ලීටරය රුපියල් 340 ක් දක්වා අසාධාරණ ලෙස වැඩි කරලා රටේ ජනතාවගෙන් හොරා කන ඔවුන්ගෙන් බදු අය කරන තත්ත්වයකට ආණ්ඩුව පත් වෙලා.මේක බරපතළ අසාධාරණයක් මොකද රටේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුතරයක් පාවිච්චි කරන්නේ භුමිතෙල් එය බෝට්ටු වැඩ සහ ධීවර කටයුතු සඳහා .ඒත් එක්කම ප්‍රසිද්ධ දෙයක් තමයි වතුකරයේ ජීවත් වන ජනතාව භූමිතෙල් යොදාගැනීම සාම්ප්‍රදායිකව සිදුවන දෙයක්. රටේ ග්‍රාමීය ජනතාව වැඩි වශයෙන් පරිහරණය කරන්නේ භූමිතෙල් කියන එක රහසක් නෙමෙයි. මෙවැනි කාරණයකදී පෙට්ට්‍රල් ඩීසල් සහ අනෙකුත් ඉන්ධන අධික ලෙස වැඩි කරපු ආණ්ඩුව භූමිතෙල් වලට ඒ සහනාධාරය දීමට නොහැකි මට්ටමට ඇදවැටීම කනගාටුදායක තත්ත්වයක්.එ වෙනුවෙන් බරපතළ විරෝධය අපි පළ කරනවා මොකද භූමිතෙල් සහනාධාරය සමාජය මේ කොටස්වලට ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක් නමුත් එය ආණ්ඩු අතහැරලා මේ රටේ සහනාධාර ලැබිය යුතු කණ්ඩායම් නොසලකා හැර ක්‍රියා කිරීම බරපතළ තත්ත්වයක් හැටියට අපි දකිනවා.

අද තෙල් මිල පවත්වාගෙන යෑමේ සූත්‍රය කෝ?. ලෝකයේ තෙල් මිල ඉතාමත් ශීඝ්‍රයෙන් අඩු වෙමින් තිබියදී ඒ සහනය ජනතාවට දෙන්න ආණ්ඩුව ක්‍රියාකරන්නේ නැහැ. ආණ්ඩුව මුලින් කිව්වා මාසයකට දෙවතාවක් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කර මිල සංශෝධනයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා හැබැයි ගිය 15 වැනිදා මිල සංශෝධනය වුණේ නැහැ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉතාමත් පහල මට්ටමකට අඩු වෙලා තිබියදී ඒ සහනය රටේ ජනතාවට ලබා දෙන්න ආණ්ඩුව හැටියට ක්‍රියා නොකිරීම බරපතළ ප්‍රශ්නයක්. තෙල් ව්‍යාපාරය මේ රටේ මාෆියාවක් බවට පත්වෙලා ලෝක වෙළඳපොලේ තෙල්මිල පහළ බැහැලා තිබියදී අපේ රටේ අඩු නොකර ජනතාවගෙන් වැඩි වශයෙන් මුදල් උපයා ගන්න උත්සහ ගන්නේ ආණ්ඩුවට සල්ලි නැතිකම නිසාම පමණක් නෙමෙයි ව්‍යාපාරිකයින් හිතවතුන් පොහොසත් කරන්න බවට චෝදනාවක් අපි කරනවා.

පසුගියදා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් ආනයනය කළා නැවත මේ සතිය සපුගස්කන්ද පිරිපහදුව ආරම්භ කරනවා කියලා රජය විශාල ප්‍රසිද්ධියක් දුන්නා.මාස ගණනාවක් සපුගස්කන්ද වහලා මේ වෙනකොට තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහිත නැවක් ඇවිත් තියෙනවා කියලා වාර්තාවෙනවා මේ මාසේ අන්තිමට තවත් තෙල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 200000 ප්‍රමාණයක් ලංකාවට එනවා කියලත් වාර්තා වෙනවා.අපි අහන්නේ මේ බොරතෙල් මිල දී ගැනීමට අනුගමනය කරපු ක්‍රියා පටිපාටිය කුමක්ද එහි පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙනවා.මේ ගෙන්වලා තියෙන්නේ යූරල් කියන බොර තෙල් වර්ගය එය ගෙන්වීම සඳහා මැදිහත් වෙලා තියෙන්නේ කොරල් energy කියන සමාගමක්. රුසියාවෙන් තෙල් ආනයනය කරා කියලා ප්‍රසිද්ධ කරත් ඒ සඳහා මැදිහත් කරු වෙලා තිබෙන්නේ කොරල් energy චීන ඩුබායි සමාගම ඒ කියන්නේ තුන්වන පාර්ශවයක් තමයි තෙල් මිලදී ගැනීම සිදු කර තිබෙන්නේ කියන කාරණය පැහැදිලියි ඒ සඳහා අනුගමනය කරපු ක්‍රියාපටිපාටියේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා විශේෂයෙන්ම රට දැනගත යුතුයි මේ යූරල් කියන බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා අඩුයි ඒ වුණත් මේ යූරල් කියන බොරතෙල් ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාව ගෙන ඇති මිල බැරලයක් ඩොලර් 117 ඒ වගේම එයට එකතු කළ යුතු ප්‍රීමියම් එක ඩොලර් දහඅටක් විස්සක් පමණ වෙනවා.ඊට අමතරව නැව දෛනිකව ප්‍රමාද වෙන හැම දිනකට ඩොලර් 50000ක් ගෙවිය යුතුයි මේ අනුව යූරල් කියන මේ බොරතෙල් මිල දී ගැනීම සඳහා එක බැරලයකට අඩුම ගානේ ඩොලර්150ක ඒකාබද්ධ පිරිවැයක් දරන්න සිදුවෙනවා. ඇයි එහෙම කරන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සපුගස්කන්ද පිරිපහදුව සදහා යොදාගන්නේ තෙල් වර්ග දෙකක් මර්බන් සහ සයිවීරියා ලයිටි ඒ සදහා තමයි සපුගස්කන්ද පිරිපහදුවේ පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන බොර තෙල් වර්ග දෙක එම තෙල් වර්ග දෙක මේ වෙනකොටත් ඩොලර් 90ක පමණ මිලදී ගන්න පුළුවන් ඊටත් වඩා අඩුවෙන් තරගකාරී ලෙස ගිවිසුම් වලට ගිහිල්ලා ගන්න පුළුවන්කමක් තියෙනවා එහෙම තිබියදී මේ යූරල් කියන රුසියානු තෙල් තුන්වැනි පාර්ශ්වයක් හරහා මේ ආකාරයට මිලදී ගගැනීම විශාල වංචාවක් සහිත චෝදනාව බරපතළ ලෙස කරන්න කැමතියි මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක රහසක් නෙවෙයි.මේ රටේ මුදල්, හොරකම් සම්බන්ධයෙන් දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙච්ච පාර්ශවයන් තමයි මේ තෙල් මිලදී ගැනීම සහ සැපයීමේ කොන්ත්‍රාත්තු සිදු කරමින් තිබෙන්නේ. මේක බරපතළ තත්ත්වයක් ⁣කොරල් කියන තෙල් වර්ගය තුන්වැනි පාර්ශ්වයක් විසින් මේ රටේ තෙල් බෙදා හැරීම සම්බන්ධයෙන් නියෝජිත ආයතනයක් වශයෙන් ක්‍රියා කරන කොට එහි පිට පස්සෙ ඉන්නේ දූෂණය වංචාව හොරකම සහ චෝදනාවට ලක් වෙච්ච පාර්ශවයන් කියන එකත් පැහැදිලියි.

තවත් බරපතළ තත්ත්වයකට රට පත් වෙමින් තිබෙනවා එය සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදනයක් වන ජෙට් ඔයිල් සැපයීම කෝරල් energy කියන සමාගමට පවරන්න යනවා එම සමාගමට ගුවන් යානා තෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන්නොත් සපුගස්කන්දේ නිෂ්පාදනය වෙන ගුවන්යානා තෙල් විකුණන්න කෙනෙක් නැතුව යනවා. මේ තත්ත්වය ගැන ආණ්ඩුව පසුවිපරමක් කරලා තිබෙනවාද ජෙට් ඔයිල් සැපයීම ආණ්ඩුව පහුගිය කාල සීමාව තුළ මාසයකට ඩොලර් මිලියන 25කට වඩා ලාභ ලැබුවා ඒ ගුවන් යානාවලට තෙල් සපයන්න. ඩොලර් වලින් කෙරෙන මේ ගනුදෙනුවත් කොරල් energy කියන පෞද්ගලික සමාගමකට පවරන්න ආණ්ඩුව ක්‍රියා කරමින් තිබෙනවා මේක බරපතළ තත්වයක් රටේ ව්‍යාපාරිකයන් සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ ප්‍රශ්නයක් නෙමේ මෙතන තියෙන්නේ මහා විශාල වංචාවක් සිදු කරමින් කිහිප දෙනෙකුට හරි හම්බ කරගන්න පුලුවන් විදිහට ලංකාවේ රාජ්‍ය සේවාවන් සියල්ල පවරා දීමට ක්‍රියා කිරීමයි සිදුවෙන්නේ. අපි බලශක්ති ඇමතිවරයා ගෙන් ඉල්ලනවා තෙල් මිලදී ගැනීම පිළිබඳව තිබෙන මාපියාව සොයා බැලීමට සහ එයට එරෙහිව ක්‍රියා කිරීමට යම් පියවරකට යා යුතියි කියලා මම දැක්කා එතුමා ට්විටර් පණිවිඩයක සඳහන් කරලා තිබුනා තෙල් මිලදී ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවන අනෙකුත් ක්‍රියාවලිය පිළිබඳව සොයා බලන්න නීතිය අංශයට පවරනවා කියලා ඒක ප්‍රමාණවත් නැහැ එක සිද්ධියක් තමයි යූරල් කියන බොරතෙල් මිල දී ගැනීමට අනුගමනය කරපු වැරදි ක්‍රියා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සියල්ල වැරදී ඒ නිසා අපි ඉල්ලනවා කරුණාකරලා මහා පරිමාණ වංචා බලන්න සහ ඒකට සම්බන්ධ වූවන්ට හා ක්‍රියා කරන්න පියවර ගත යුතුයි .එහෙම වුණොත් මේ රටේ පාරිභෝගිකයින්ට සාධාරණයක් කරන්න පුළුවන් ගසාකෑම නවත්තන්න පුළුවන් නම් ඒ වාසිය සම්පූර්ණයෙන්ම තෙල් පරිහරණය කරන පාරිභෝගික ජනතාවට ලබා දෙන්න පුළුවන් නමුත් මේ විදිහට හිතුවක්කාර පරිදි තෙල් මිලදී ගැනීම සහ කටයුත්ත සිදු වෙන්න ඉඩ හැරියොත් කාටවත් මේකෙන් වූ වාසියක් වෙන්නේ නැහැ එකම පාර්ශ්වයයි දිනන්නේ ඒ තමයි නියෝජිත ආයතන සහ හොර ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා ඉන්න පාර්ශව බව පැහැදිලිව කියනවා .කණගාටුදායකයි මේ රුසියාවේ යූරල් කියන බොරතෙල් මිල දී ගැනීම හරහා රුසියන් ලේබලය වික්කට ඒ හරහා සිදු වෙලා තියෙන්නේ ඩුබායි සිටින තවත් නියෝජිත ආයතනයක් තුන්වෙනි පාර්ශවයක් ඒ විතරක් නෙමෙයි අධික මිලට ගැනීම හරහා ලොකු වංචාවක් තියෙනවා කියලා පැහැදිලිව ප්‍රකාශ කරනවා.

පසුගිය දා ජනාධිපතිවරයා ප්‍රකාශ කරා ලංකාවේ සමහර ආයතන විකුණා දමන්න ක්‍රියා කරනවා කියලා ඒ කියන්නේ මොකක්ද එතුමා නම් කරා ඇතැම් සමාගම් සංස්ථා ආයතන වල දිගින් දිගටම රජය භාණ්ඩාගාරයට බරක් වන ආර්ථිකයට යම් ආකාරයක රකුසෙක් වශයෙන් කටයුතු කරන ආයතන ගැන හිතුවට කමක් නැහැ හැබැයි ජනාධිපතිවරයා කියපු ඒ සංස්ථා කිහිපය අතර මේ රටේ ආර්ථිකයට බරක් නැතුව ක්‍රියාත්මක වන ආයතන කිහිපයක නම් තමයි සඳහන් කළේ එය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අපි අහන්නේ මේ විකුණා දැමීමට යෝජනා කරන රක්ෂණ සංස්ථාව මීට ඉහතත් පෞද්ගලීකරණය කිරීමත් සිදු වුණා ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙලා තමයි රක්ෂණ සංස්ථාව යලි රජය සතු ආයතනයක් බවට පරිවර්තනය කෙරෙහි එසේ තිබියදී නැවතත් ජනාධිපතිවරයා කියනවා නම් රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකුණා දැමීමට ක්‍රියා කරනවා කියලා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් යටතේ එය බරපතළ තත්ත්වයක් ඇති ආදර්ශයට ගන්නේ පෞද්ගලික සහ රාජ්‍ය අංශය ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ ටෙලිකොම් සමාගම ටෙලිකොම් සමාගම් වැනි හොඳට ක්‍රියාත්මක වන ආයතන විකුණා දැමීමේ අරමුණ කුමක්ද ආණ්ඩුවට සල්ලි හොයන එක වෙන මොකුත් නෙමෙයි පාඩු ලබන සංස්ථා ආයතන ප්‍රතිසංවිධානයට ලක් කරාට ජනතාවගේ විරුද්ධ නැහැ නමුත් බොහෝ දෙනෙක් ඉල්ලන එකම කාරණාවක් තමයි එවැනි ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ දී රාජ්‍ය පෞද්ගලික ව්‍යවසායකත්වය ඒකාබද්ධ වැඩපිළිවෙලක් යා යුතුයි නමුත් අවාසනාවකට වගේ ලාභ ලබන ආයතන සියල්ල විකුණා දැමීම සඳහා ආණ්ඩුව ක්‍රියා කරමින් තිබෙනවා මේකෙන් පේන්නේ ආණ්ඩුව සියල්ලම විකුණලා හරි තමන්ගේ බලය රැක ගත යුතුයි කියන ස්ථාවරය ඉන්නේ මෙයට සම්පූර්ණයෙන් අප විරුද්ධයි රාජ්‍ය අංශය ප්‍රතිසංවිධානය කළ යුතුයි කියන ස්ථාවරය අපි දන්නව ඒ වගේම ප්රතිව්යුහගතකරණය කළ යුතු ආයතන ලෝක ආදර්ශයට අරගෙන � කිරීම කිරීම වරදක් නැහැ නමුත් ප්‍රශ්නය තියෙන්නේ ලාභ ලබන ආර්ථිකයට බරක් නැති රක්ෂණ සංස්ථාව ටෙලිකොම් ආයතනය වැනි ආයතන විකුණා දමනවා කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හරහා සිදුවන්නේ සියලුම රාජ්‍ය අංශයේ විවසායකයන් විකුණා දැමීමට ක්‍රියා කරනවා කියන කාරණය වෘත්තිය සමිතිවල ර්ග ඇති මට අදාළ නැහැ කියලා ඒකෙන් පේන්නේ කිසිම ඇහුම්කන් දීමක් උවමනා නැහැ අපි ආණ්ඩුවක් හැටියට ගතයුතු පියවර ගන්නවා කියන එකයි කිව්වේ මේකෙන් වෙන්නේ ඉදිරි කාල සීමාව තුළ රාජ්‍ය ව්‍යවසායකත්වය විකුණා දැමීමට ආණ්ඩුව ක්‍රියා කරනවා කියන පණිවිඩයයි දෙන්නේ ඒක නෙමෙයි රටේ ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාව බලාපොරොත්තු වුණේ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීමත් හොරකම වංචාව දූෂණය තුරන් කිරීම මේ රටේ පාට ගමන ආයතන යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සහ භාණ්ඩාගාරයට බරක් නොවී පවත්වාගෙන යෑම තමයි බලාපොරොත්තු වෙන්නේ නැත්නම් සම්පූර්ණ රාජ්‍ය අංශය හා දැමීමක් නෙමෙයි මේ ජනාධිපති වරයාගේ කතාව රජයේ ප්‍රතිපත්තියක් වෙන්න ඇති ප්‍රතිපත්තියක් නම් එය වැරදියි කියලා ජන සන්ධානය යනවා මෙවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න නෙමෙයි ජනාධිපති වරයාගේ පත්වීම කළේ කියන එක පැහැදිලිව කියනවා.

ජනාධිපතිවරයා පැහැදිලිව ගිය සතියේ ප්‍රකාශයක් කළා කියලා මාධ්‍ය වාර්තාවක් තිබුණා ත්‍රස්තවාදය වැළැක්වීමේ සහ හදිසි නීතිය පියවරයන් අකුලා ගන්න කටයුතු කරනවා කියලා හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ප්‍රසිද්ධියේ කිව්වා එසේනම් අපි මුණගැසුණු අවස්ථාවේ දී සමගි ජන සන්ධානය හැටියට ජනාධිපතිවරයා කිව්වේ හදිසි නීතිය කිසිසේත් යොදා ගන්නේ නැහැ කියලා මේ රටේ දේශපාලන මර්දනය සඳහා ඒ වගේම වෘත්තිය සමිති සහ ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා යොදාගන්නේ නැහැ හදිසි නීතිය යොදා ගන්නේ රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමටයි කියලා ජනාධිපතිතුමා අපිට ප්‍රකාශ කළේ නමුත් දැන් සිද්ධ වෙන්නේ කුමක්ද හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන දේශපාලන මත මර්දනය කරන්න මුහුර්තිය සැපත ක්‍රියාමාර්ග මර්දනය කරන්න පියවර ගනිමින් තිබෙනවා කියලා පැහැදිලිව පේනවා පහුගිය දවස්වල එහි පළමු කාර්යය අපි දැක්කා වුර්තිය ඇමැති නිලධාරීන් අත්අඩංගුවට ගත්ත දින කීපයකට කලින් ශිෂ්‍ය අරගලයක යෙදුණු වසන්ත ඇතුළු තුන් දෙනෙක් අත්අඩංගුවට ගත්තා එසේ ගත්තේ කුමකටද ශිෂ්‍ය අරගලයක් කරන අවස්ථාවක ගත්තේ ඒකෙදි අත්අඩංගුවට අරගෙන සාමාන්‍ය නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා වෙනුවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්ත එහිදී එක අදාළ වෙන්නේ කොහොමද කියලා අපි අහනවා මොකද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තියෙන ප්‍රතිපාදන සහ මේ රටේ සාමාන්‍ය නීතිය තියෙන ප්‍රතිපාදන වෙනස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න තියෙන චෝදනාව කුමක්ද කියලා ආණ්ඩුව පැහැදිලි කරන්න ඕන එහෙම නැත්නම් එය බරපතළ වරදක් අපි අමතක කරන්න එපා ලබන මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිසම රැස් වෙන්න නියමිතයි ඒ වගේම ලොකු අභියෝගයක් තියෙනවා මේ රටේ රෙදිපිළි කොටා පංගුව ලබා ගැනීම පිළිබඳව යුරෝපා සංගමය විවිධ ආකාරය අපිට හදිසි නීතිය සහ ත්‍රස්තවාදී පනත පිළිබඳව නොයෙක් සංශෝධන සිදු කරන්නේ කියලා යෝජනා කරමින් තිබෙන්නේ ශර්මා ජාත්‍යන්තර සංවිධානය ඉල්ලීමක් කරල තියෙනවා මේ රටේ අරගල මර්දනය කිරීමට විවිධාකාරයේ මහජන ක්‍රියාකාරකම් පාලනය කිරීමට කඳුළු ගෑස් පාවිච්චිය අත්හිටවන්න කියලා මෙවැනි තත්ත්වයක් හමුවේ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි බරපතල අනතුරක යොදා ගන්නවා නම් එවැනි වෘත්තිය සමිති අරගල දේශපාලන අරගල ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න ඒකෙ බරපතළ වැරැද්දක් මොකද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන්න කියලා යෝජනා වෙච්ච අවස්ථාවක එය යොදාගෙන මර්දනය කිරීම බරපතළ වැරැද්දක් අඩුපාඩුවක් වහාම ඒ වැරැද්ද කරන්න එපා කියලා රජයට අවධාරණය කරනවා.

මේ වන විට රටේ බරපතළ ලෙස ජීවන වියදම් වැඩි වෙනවා ඒක පාලනය කරන්න ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද පහුගිය දා දැක්කා බිත්තර මිල නියම කරන්න ගැසට් නිවේදනයක් නිකුත් කරලා නැවතත් පටන් අරගෙන තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය වගේ ගැසට් ගහන්න ගැසට් එකට ගන්න බඩු තිබෙනවාද ඒකට කරන්න තියෙන්නේ බිත්තර ඉල්ලුම සැපයුම සමාන කරන්න පුලුවන් වැඩ පිළිවෙලකට අවතීර්ණ වෙන එක එය ආර්ථික විද්‍යාවේ තියෙන න්‍යායයක් බිත්තර නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් කියන්නේ බිත්තර මිල පාලනය කරන්න අමාරු කුකුල් ආහාර ගැනීමට තියෙන අපහසුව නිසා බඩඉරිඟු කුකුල් කෑම නෑ ඒවා ලබා ගන්න ක්‍රමයක් නෑ රටේ නිෂ්පාදනය වුණේ නෑ ඒ නිසා කුකුල් ආහාර ගෙන්වාගැනීමේ ඇති දුෂ්කරතාවය සහ ඒවාගේ අඩුපාඩුකම් නිසා තමයි බිත්තර මිල ඉහළ යන්නේ කියලා බිත්තර නිෂ්පාදකයන් කියනවා ඒකට උත්තරයක් හොයන්නේ නැතුව ආණ්ඩුව ගැසට් එකක් ගහනවා ඒක අනුව රුපියල් හතලිස් පහට බිත්තර විකුනන්න කියලා ඊට වඩා මිලකට විකුණන අයට ලක්ෂයක් දඩ ගහනවා කියන එක සාධාරණද අපි අහනව බිත්තර විතරක් නෙමෙයි බිත්තර ඒ මිලට දෙන්න බැහැ කියලා ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයන් නොයෙක් ආකාරයේ පැමිණිලි කරනවා අද බලන්න ජීවත් වෙන්නේ කොහොමද කියලා ඇන්කර් කිරි පැකට් එකක් රුපියල් 1160 ග්‍රෑම් 400 සීනි කිලෝ එකක් 325 ට වැඩි පරිප්පු කිලෝ එකක් 570 ටත් එහා හාල්මැස්සො එකක් දෙදහක් වෙලා කොහොමද තාම ජීවත් වෙන්නේ ඡන්ද කාලෙ ගෙව්වා සැමට එකක් සීර දෙනවා කියලා දැන් 750 විතරක් නෙමෙයි පාන් පිටි කිලෝ එකක් 280 පොල් ගෙඩියක් රුපියල් 110 මේක පාලනය කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒක මෙවැනි පාලනයක් ආණ්ඩුවට කරන්න බැරිනම් මිනිස්සුන්ගේ ජීවන වියදම පාලනය කිරීම බැරි ආණ්ඩුවක් වැඩක් නැහැ මිනිස්සු ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න පුළුවන් පාලනයක් මිනිස්සුන්ට සාධාරණව ජීවත් වෙන්න පුළුවන් ජීවන වියදම පාලනය වෙන සහ පාලනය කළ හැකි ආණ්ඩුවක් ඒ වගේම රැකියා ආදායම් මාර්ග ඇති කරගත හැකි ආර්ථිකයක් මේවා තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒක කරන්න මේ වෙනකොටත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවක්-දැන් නව ජනාධිපතිවරයා හැටියට පත් වෙලා මාසයක් ගත වෙලා තියෙනවා අපි කියන්නේ නෑ මාසෙකින් සර්ව සම්පූර්ණ විස්තරයක් කරන්න පුළුවන් කියලා හැබැයි ජනාධිපතිවරයාට වගකීම කොයි යුතුකම කුයි තිබෙනවා රටේ මූලික ප්‍රශ්නවලට විසඳුම් යෝජනා කරන්න දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා අපි අහන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙල කුමක්ද මේ රටේ බරපතළ මූණ දෙන විනිමය අර්බුදයට ඩොලර් අර්බුදයට මොකක්ද ආණ්ඩුව යෝජනා කරන්නේ මේ රටේ ජීවන වියදම වැඩිවීම ව්‍යාපාර නෑ කරන්න මොකක්ද ආණ්ඩුවේ පිසදමා නාස්තිය දූෂණය පාලනය කරන්න මොකක්ද ආන්ඩුවේ විසඳුම කඩාගෙන වැටිච්ච ආර්ථිකය යළි ගොඩනඟන්න අනුගමනය කරන කෙටිකාලීන දිගුකාලීන වැඩපිළිවෙල කුමක්ද මේවා තමයි කියන්න ඕන ඒවා නැතුව සුන්දර කතාවක් කරලා ඒ කතාවේ මේ සියල්ල ප්‍රකාශ කළා කියලා සතුටු වෙන්න බැහැ මාසයක් ගත වෙලා තිබෙනවා ආණ්ඩුව අසමත් ජනාධිපතිවරයාත් අසමත් විසදුමක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා එකම දෙයයි කරන්නේ කැබිනට් ඇමතිකම් ඕනෙද එපාද කිය කිය ප්‍රශ්න කරන එක විතරයි ඇමතිකම පෙන්වා දේශපාලන පක්ෂ කඩන්න උත්සාහ කරමින් තිබෙන බව පේනවා ඒ හැර ජනතාවගේ පැත්තෙන් හිතලා කිසිම යෝජනාවක් ඉදිරිපත් කරන්න මේ දක්වාම ජනාධිපතිවරයා අලුත් ආණ්ඩුවක් සමත්වෙලා තිබෙනවා පරණ කට්ටියම නැවත කැබිනට් ඇමතිවරු වෙන බවට ආරංචි වෙනවා එය මිනිස්සු අනුමත කරයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා මහජනතාව ඉල්ලුවේ වෙනසක් system change එකක් ඒ වෙනුවට ඔලු ගෙඩියක් දෙකක් එහාට මෙහාට මාරු කරා කියලා system change එක හදන්න බැහැ ඒ නිසා නරක තත්වයකට රට පත් වෙමින් තිබෙනවා බලාපොරොත්තු බිඳවැටෙමින් තිබෙනවා.

අපි මේ රජයෙන් අහනවා රංජන් රාමනායක මහතා එහාට මෙහාට කර කර සිදුකරන සෙල්ලම කුමක්ද එතුමාව නිදහස් කරන්න කොන්දේසි පනවමින් ඉන්නවා කියලා ආරංචියි අපි අහන්නේ රන්ජන් රාමනායක කියන්නේ හොරකමක් වංචාවක් දූෂණයක් පිළිබඳව චෝදනාවකට සිරගත කරපු එක්කෙනෙක් නෙමෙයි අධිකරණයට අපහාස කරා කියලා චෝදනා කරලා දඩුවමක් ලබා රිමාන්ඩ් බන්ධනාගාරයේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් සිර ගත කරලා තිබෙනවා අපි අහන්නේ ජනාධිපති සමාවක් ලබා ගැනීමට සුදුසුම පුද්ගලයෙක් ඔහු වෙනත් සාපරාධී වරදකට නෙමෙයි දඬුවම් ලබන්නේ එහෙනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර නිදහස් කරන්නේ කියලා නමුත් එය සිදුවුණේ නැහැ දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැන විවිධ පාර්ශ්වයන් ලෙල්ලෙන් කරල තිබෙනව නමුත් තවම නිදහස් කිරීම් කරන්නේ නැහැ අපිට ආරංචියි විවිධ කොන්දේසි ලියුම් එතුමාගෙන් ඉල්ලා තිබෙනවා කියලා අපි දන්නේ නෑ ඒකෙ අභ්‍යන්තර කතාවක් නමුත් අපි ඉල්ලා සිටිනවා තවදුරටත් රන්ජන් රාමනායක සිරගත කර ගෙන එන්නේ නැතිව වහාම නිදහස් කරන්න එය මානුශීය ක්‍රියාවක් මේ රටේ ජනතාව අපේක්ෂා කරන ක්‍රියාවක් ජනතා අපේක්ෂාවන් සහ අමානුෂික ක්‍රියාව කරන්න තවත් ප්‍රමාද කරලා එහාට මෙහාට කඹ ඇදිලි කරන්න එපා වහා සමාව දීලා ඔහු එළියට දාන්න කියලා ජනාධිපතිවරයා ගේ ඉල්ලන්න කැමතියි.

කාංචන විජේසේකර ඇමතිවරයා මාධ්‍ය ඉදිරියට ඇවිල්ල අදහස් දක්වන්න යම් කිසි භයක් ඇති ඒ නිසා තමයි ටීවීටර් පණිවුඩ මගින් හැමදේටම උත්තර දෙන්නේ නමුත් ඒක නෙමේ කළ යුතුව තිබෙන්නේ පැහැදිලි කරන්න ඕන ඇත්තටම මේ තෙල් මාපියාව පිළිබඳව ආනයනය කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මිලදී ගැනීම දක්වා අතරමග සිදුවන වංචාව වැළැක්වීමයි.