අයවැයට විරුද්ධව කතා කරපු පොහොට්ටුවේ පිරිසට හෙට පුලුවන්නම් අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන්නැයි අභියෝග කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.
නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ පිරිසක් තදින් අයවැය විවේඡනය කළ බවත් නාමල් රාජපක්ෂ සමඟ හෙට කී දෙනෙක් සිටිනවාදැයි බලාගැනීමට හැකි බවත් අයවැය ඡන්ද විමසීමේදී ඊට සහභාගී නොවී සිල්ලර වැඩ කරන්නේ නැතුව හෙට අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන්නැයිද නලින් බණ්ඩාර මහතා හෙතෙම සඳහන් කළේය.
විපක්ෂය හෙට අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන බවත් නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.
‘‘රට බංකොලොත් කළ පුද්ගලයින් කවුරුන්ද කියලා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය නම් කළා. 2019 බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මේ රට බංකොලොත් කරලා රටින් පැනලා ගියා. රට බංකොලොත් කළ සෙසු පිරිස පැනලා ගියේ නෑ ඔවුන් නතර වුණා. රට බංකොලොත් කරලා පැනලා ගියා ගෝඨාභය රාජපක්ෂ විසින් නම් කළ කැබිනෙට්ටුව තාම ඉන්නවා. ඒ කැබිනෙට්ටුව වෙනස් කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කළෙත් නෑ. රට බංකොලොත් කරපු තාම ආණ්ඩුව ඉන්නවා. රට බංකොලොත් කරපු බැසිල් රාජපක්ෂ මෙහෙයවන පොහොට්ටුව තාම පාර්ලිමේන්තුවේ ඉන්නවා. රට බංකොලොත් කරපු පී බී ජයසුන්දර , අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසත් යෙහෙන් වැජඹෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව කැඳවලා උපදෙස් ලබාදීලා රට බංකොලොත් කළ පුද්ගලයින්ගෙන් වන්දි ලබාගන්නේ කෙසේද දැයි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යුතුව තිබුණත් ජනාධිපතිවරයා සිදුකළේ ඊට හාත්පසින්ම පරස්පර දෙයක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළේ නඩු තීන්දුවට දවස් කිහිපයකට පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනයට සාදයට සහභාගිවෙලා කේක් කැපුවා. මෙයද රටේ ජනතාව බලාපොරොත්තු වුණේ.
ගෙවල් දොරවල් බැංකුවලට සින්නවෙලා ගෙවල් දොරවල් අහිමි වුණ පිරිස් ඉන්නවා. ලිසිං සමාගම් වලින් තමන්ගේ රථවාහන යන්ත්‍ර සුත්‍ර උස්සන් ගිය පිරිස් ඉන්නවා. රත්තරං බඩු බැංකුවට සින්න වුණ පිරිස් ඉන්නවා. රැකියා අහිමි වුණ පිරිස් ඉන්නවා , කර්මාන්තශාලා පිටින් වැහුණ පිරිස් ඉන්නවා.
මේ පිරිසට සමගි ජන බලවේගය කවුලුවක් විවෘත කරලා තිබෙනවා. සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම , සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩපයේ විද්වතුන් ගොනු කළ නඩුවේ තීන්දුවට අනුව රටේ ජනතාවට පුලුවන් රට ආර්ථික වශයෙන් බංකොලොත් කළ පුද්ගලයින්ට විරුද්ධව නඩු දාන්න. රටේ ජනතාව මොවුන්ට දුන්න භාරකාරත්වය වැරදි විදිහට භාවිතා කරපු නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ව වැරදිකරුවන් බවට පත්කළේ.
රට ආර්ථික වශයෙන් බංකොලොත් කළ පිරිසට ජය පැන් බොලන්න උපන් දින සාද පවත්වන්න ඉඩ දිය යුතු නෑ. ඔවුන්ගේ දේපළ අත්පත් කර ගන්න , ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු කළ යුතුයි. ඒ හරහා මේ ප්රශ්නයේ වින්දිතයන් බවට පත්වුණ පුද්ගලයන්ට සාධාරණයක් ඉටුකරන්න පුලුවන් වෙයි.
ඇස්තමේන්තු කරන ලද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ජලවිදුලිය තුළින් විදුලිය නිෂ්පාදනය කරන්න හැකි වෙලා තිබෙනවා. අද සියයට 76 ක් ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරනවා. ලංකා විදුලි බල මණ්ඩලය මේ මාසවල බලාපොරොත්තු වුණේ ඩීසල් වලින් විදුලිය නිපදවන්න. නමුත් බලාපොරොත්තු නොවු වර්ෂාවක් ලැබීම හේතුවෙන් අඩු පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කරන්න හැකියාව තිබෙනවා. එහෙනම් ඇයි ඒ සහනට විදුලි පාරිභෝගිකයාට දෙන්නේ නැත්තේ. අධික විදුලිබිල හේතුවෙන් අපේ රටේ කර්මාන්තශාලා අසීරු තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ. අධික විදුලි බිල හේතුවෙන් ඇඟලුම් කර්මානත්ශාලා දිනෙන් දින වැසෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. තවත් අවුරුදු 5 කින් රටේ ඇඟලුම් කර්මනාත්ත සම්පුර්ණයෙන් වැසී යන තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.
විදුලිබල මණ්ඩලය විදුලි බිල තීරණය කළ යුත්තේ විදුලි බල මණ්ඩලයේ ලාභය මත පදනම්ව නෙවෙයි. රටේ කර්මාන්ත ඉලක්ක කරගෙන , රටේ පාරිභෝගිකයා ඉලක්ක කරගත්ත දැක්මක් තිබෙන විදුලිබිලක් රටට අවශ්‍ය වෙනවා. විදුලි බල මණ්ඩලයට එයින් අවාසි වුණත් , අපනයනවලින් , අයෝජනවලින් ඒ අහිමි වන මුදල් ලබාගන්න පුලුවන්. ආණ්ඩුව ලංවීමේ ලාභය දෙස බලා ගන්න තීරණ හේතුවෙන් රට ආර්ථිකට මරු පහරක් එල්ල වෙනවා.
සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙන්නේ නැතුව නතර වෙලා තිබෙනවා. සාම්පූර්වල මෙගාවොට් 600 විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ආයෝජකයෝ එකඟවෙලා තිබුණා. ඒ අනුව හඹරණ දක්වා කිලෝමීටර 90 ක් විදුලි රැහැන් ඇද විදුලිය ලබා දෙන්නත් එම ව්‍යාපෘතිය සිදුකරන ආයෝජකයෝ එකගවෙලා තිබුණා. ආණ්ඩුවට සහ ලංකා විදුලිබල මණ්ඩලයට මෙම ව්‍යාපෘතිය පිළිබඳ උනන්දුවක් නැති නිසා මේ ආයෝජකයෝ මේ ව්‍යාපෘතිය අතහැරලා යන තත්ත්වයට පත්වෙලා තිබෙනවා.
රට පුරා රෝහල්වල හෘද ස්ටෙන් හිඟයක් කියලා පුවත් පත් වාර්තා කරලා තිබුණා. පසුගිය කාලයේ ආණ්ඩුව සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට දක්වපු උනන්දුව තමයි මේ පුවත් වලින් පේන්න තිබෙන්නේ. ආණ්ඩුව සෞඛ්‍යයට දැක්වුයේ අලස ප්‍රතිපත්තියක්.
පොහොට්ටුවේ පිරිස් අයවැය ගැන විවිධ තැන්වල විවිධ කතා කියනවා. හෙට අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න ඔහුන්ට පුලුවන්. අයවැයට විරුද්ධව කතා කරපු පොහොට්ටුවේ පිරිසට අපි අභියෝග කරනවා හෙට පුලුවන්නම් අපිත් එක්ක එකුතු වෙලා අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න. විපක්ෂය හෙට අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙනවා. නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ පිරිසක් තදින් අයවැය විවේඡනය කළා. හෙට ලබාගන්න පුලුවන් නාමල් එක්ක කී දෙනෙක් ඉන්නවද කියලා. සිල්ලර වැඩ කරන්නේ නැතුව හෙට අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන්න.
ආණ්ඩුව අසාර්ථක වී තිබෙන බව සියලු දෙනා අද පිළිගෙන තිබෙනවා. රටට අලුත් පාලනයක් බිහිකරන්න රටේ ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි. රටේ ජනතාව තීන්දු කරයි කාටද බලය දිය යුත්තේ කියලා. අයවැයට පක්ෂව සහ විපක්ෂව ඡන්දය දෙන්නේ කවුද කියලා රටේ ජනතාව හෙට අවදානයෙන් සිටිය යුතුයි.‘‘
ප්රශ්නය – අයවැයට විරුද්ධව පොහොට්ටුවේ කවුරු හරි ඡන්දය ලබා දෙයිද?
පිළිතුර – අපිට ඒ ගැන ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. අයවැය ඡන්ද විමසන වෙලාවේ එන්නේ නැතුව ඉන්න පුලුවන්. තමන්ගේ විරෝධය පෙන්වන්න ඕන ඡන්දය ප්‍රකාශ කරලා. විපක්ෂයේ සියලු දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙනවා.
ප්රශ්නය – රජයේ සේවකයින්ට වැටුප් වැඩි කළ එකට විපක්ෂය විරුද්ධ නැ නේ.
පිළිතුරු – අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. රජයේ සේවකයින්ගේ දකුණු සාක්කුවෙන් 14,000 ක් අරගෙන වම් සාක්කුවට 10,000 ක් දාලා තිබෙනවා. එකතුව සෘණ. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ දකුණු සාක්කුවෙන් 14,000 ක් අරගෙන වම් සාක්කුවට ලොසින්ජරයක්වත් දාලා තිබෙනවා.