වත්මන් ආණ්ඩුව කිසිදු වැඩපිළිවලක් නොමැති රජයක් බවත් ජනාධිපති හා ආණ්රීඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැතිව කල්ලි දෙකක් දෙපැත්තේ ඉදගෙන කාගන්න බවත් කිසිදු ගමනක් නොමැති බවත් රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

රටක් දුයුණු කල යුත්තේ ආර්ථික වශයෙන් පමණක් නොවන බවත් කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපනය යන සියලු අංශයන කෙරෙහි එක ලෙස අවධානය යොමු කලයුතු බවත් වත්මන් ජනපතිවරයාට හොද මොලයක් තිබුනත් හදවතක් නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදියෙකු වත්මන් රජය සමග එක් වන්නේ කවදාද යනුවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඉදිරියේදී සෑම අංශයකින්ම රටට නායකත්වයක් දිය හැකි හොද නායකත්වයක් තෝරාගෙන ජනතාවට දෙන ලද පොරොන්දු පත්‍රයක් මගින් වත්මන් අර්බුදකාරී තත්වයන්ට මුහුණදෙන බවත් එම නායකත්වය ජනතාවට ආදරය කරන, පරිනත, බුද්ධිමත් නායකයෙන් බවත් එතුමා පැවසීය.