පාර්ලිමේන්තු සැසි වාරය කල් දැමීම පිලිබද තවත් හේතුවක් ව්ස්න්නේ  තිස්ස විතාරණ මන්ත්‍රීවරයකුගේ සභාපතිත්වයෙන් ඇති (කෝපා කමිටුව) රාජ්‍ය  ගිණුම් කාරක සභාවේ කටයුතු අහෝසි කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බදු මුදල් වලින් ක්‍රියාත්මක වන රාජ්‍ය අංශවල ක්‍රියාකාරීත්වය, කළමනාකරණ වැඩ පිළිවෙල හරියට රාජකාරි ඉෂ්ට කරනවද? යන්න හොයලා බලන්නේ රාජ්‍ය ගිණුම් කාරක සභාව බවත්, එවැනි වැදගත් කමිටුවක් පාර්ලිමේන්තු සැසිවාරය අහෝසි වීමත් සමග අහෝසි වන බව ඒ මහතා කීය. 

මේ අතර  කෝපා කමිටුවට බොහෝ අක්‍රමිකතා හෙළිවී ඇති බවත්   මේ අක්‍රමිකතා ක්‍රියාත්මක කරපු අයට පරීක්ෂණ පවත්වලා නිසි විනය පියවර ගත්තදැයි තමන් විමසා සිටින බවත් විපක්ෂනායක ට පැවසීය.

මුල්කිරිගල සමගි ජන බලවේගයේ සංවිධායක නිමල් ෆ්‍රැන්සිස්කු මහතාගේ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අද (17) විපක්ෂ නායකතුමා මේ බව පැවසීය. රටක යහපත් රාජ්‍ය පාලනයකට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයකට තිබිය යුතුම ආයතනයක් ලෙස කෝපා කමිටුව සැලකෙන අතර ආණ්ඩුව මේ වැරදි අඩුපාඩු සෙවීමට  අකමැතිද? ඒවා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම රටට නරකද? කියා තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ද ? විපක්ෂ නායකතුමා පැවසීය. මේ වැරැද්ද නිවැරදි කරගන්න නම් සැසිවාරය නැවත රැස්වූ පසුව ඒ ඒ කමිටු වල සිටි සභාපතිවරුන්ට ම සභාපතිකම නැවත ලබා දෙන ලෙස තමන් අභියෝග කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, කෝපා කමිටුව මෙතෙක් කරන ලද පරීක්ෂණ අහෝසි නොකර, වාර්තා අවලංගු නොකර, ඒ සියලු දේ ඒ විදිහටම නැවත ක්‍රියාත්මක කරවන ලෙසද කීය.