ඉන්දීය අදානි සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂදැයි බරපතළ සැකයක් මතුව ඇති බවත්, විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩුගේ රහස් ලිපියකින් එවැනි සැකයක් මතුවන බවත් කෝප් කමිටු සාමාජික එස්.එම්. මරික්කාර් පවසයි.

”ඇයි මේ ලියුම නාමල් රාජපක්ෂ ට කොපි කරන්නේ.? එතකොට කවුද අදානිගේ local agent ලංකාවෙ? එතුමා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ මොකටද?  ” ඔහු එබව විමසා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය

කෝප් කමිටුව ඇතුළේ හිටපු විදුලිබල සභාපති හෙලිදරව් කළ සියලු කරුණු ඇතුළත් වීඩියෝව සගවා තබා ගත නොහැකි බවත්, එය ජනතාවගේ දැනගැනීම පිණිස මාධ්‍යයට ලබා දිය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

හොරු කව්ද කියා ජනතාව දැනගත යුතු බව ඔහු අවධරණය කළේය.