රනිල්ගේ මහාබැංකු අධිපතිවරයා ඉවත්කිරීමේ තීරණයට පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඉවත් කිරිමෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය විය හැකි බව එම මන්ත්‍රීවරු පෙන්වා දෙති

මේ අතර  මහබැංකු අධිපතිවරයා ඉවත් කිරීමට යම් තීරණයක් ගෙන ඇති  නම් එය වහා ඉවත් කරගන්නා ලෙස පොදු ජන පෙරමුනේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්ප කුමාර අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

නන්දලාල් වීරසිංහ රට අසීරු තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවේ දී  එම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට ඉදිරිපත් වූ දක්ෂ අවංක නිලධාරියෙක් බව මන්ත්‍රීවරයා එම ලිපියෙන් අගමැතිවරයාට පෙන්වා දී ඇත.

රට කඩා වැටී තිබෙන මෙම අවස්ථාවේ දී සිදුකළ යුත්තේ  එවැනි දක්ෂ නිලධාරීන් ගෙදර යැවීම නොව ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් ගැනීම බවත්,  එසේ නොකර මහ බැංකු අධිපතිවරයා ඉවත් කළහොත් අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය විය හැකි බැවින් එම තීරණය වහා ඉවත් කරන ලෙසත්  මන්ත්‍රී ජගත් පුෂ්ප කුමාර එම ලිපියෙන් අගමැතිවරයාගෙන්  වැඩිදුරටත්  ඉල්ලා ඇත.