බලය ලබා ගැනීමට පෙර සිටම ආර්ථික අර්බුදයෙන් මුදවාගැනීමේ එකම ක්‍රමවේදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග කටයුතු කිරීමත්, ඒ හරහා ජාත්‍යන්තර මෙන්ම දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමත් බව පැවසූ රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග කටයුතු කිරීමේදී අසමත් වී තිබෙන බව මුළු මහත් සමාජයටම අනාවරණය වී හමාරය.

බලය ලබා ලබා ගැනීමට පෙර ආර්ථිකය ගොඩනැගීමට බදු අය කර ගත යුතු ආකාරය පිළිබඳවත් වංචා දූෂණ මැඩලීම පිළිබදවත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදලේ සාමාජිකයන් හමුවේ අන්ත අසරණ වී ඇත. ඒ පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය ලබාදීම කල් දැමීමත් සමඟය. ඒ මොහොතේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාමාජිකයින් කියා සිටියේ බදු අය කර ගැනීමේ දී විශාල වංචා දූෂණ සිදු වී ඇති බවත් ඔවුන් මෙරට සමග ඇතිකරගත් එකඟතා පිලිබදව පැහැදීමක් නැති බවත්ය.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ඉතිහාසය පුරාම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස මුළුමහත් ජනයාම විශ්වාස කළේ ඔහු ජාත්‍යන්තර සබඳතා (International relations) වලට ඉතාමත් දක්ෂ පුද්ගලයෙක් බවයි. නමුත් පසුගිය කාල වකවානුවේදී ඔහු විසින් සිදුකළ රාජතාන්ත්‍රික සංචාර කිහිපයක දීම ඔහුගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නිරුවත මුළු ලෝකයටම හෙළිදරව් වී ඇත.

මේ පිළිබඳ මුල්ම කාරණය ලෙස අපට හඳුනාගත හැක්කේ ජාත්‍යන්තර සංචාර සඳහා මෙරටින් රනිල් වික්‍රමසිංහ රැගෙන ගිය දූත පිරිසයි.

අමනෝඥ ලෙස මෙරට තුල පොහොර අර්බුදයක් ඇති කරමින් රාජ්‍ය සහමුලින්ම කඩා වැටීමට ප්‍රධාන තීන්දුව වූ රසායනික පොහොර තහනම් කිරීමේ සින්දුව හිස මත තබාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ, වංචා දූෂණ පිළිබඳව සමාජයේ දැඩි විවේචනයට ලක්වූ රෝහිත අභයගුණවර්ධන වැනි දූෂිත දේශපාලනඥයන් මෙම විදේශ සංචාර සඳහා යොදාගැනීමම රනිල් වික්‍රමසිංහ කෙරෙහි තිබූ සුළු විශ්වාසය පවා කඩ වීමට ප්‍රධාන හේතුවකි.

මෙම සංචාර සඳහා සහභාගී කරගත් අනෙකුත් පුද්ගලයන් ලෙස, ඊයේ (03) පාර්ලිමේන්තුව තුලින් හෙළිදරව් වූ ආකාරයට ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙහෙයුම වූ පළාත් පාලන මැතිවරණ කල් දැමීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතාගේ වටිනා යෝජනාවක් අවභාවිතා කරමින් තමන්ගේ යෝජනා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රේමනාත් සී දොලවත්ත සහ රට තුළ අර්බුදයක් ඇති කර දේශපාලන බලය ලබාගැනීමෙන් පසු, සුවහසක් ජනයා මහමගට බැස එළවා දමන ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහචරයා මෙන්ම ඔහුගේ නිත්ඥයා ලෙස කටයුතු කළ අලී සබ්රි සහ ඔහුගේ වයස අවු19ක් වන පුත්‍රයා වැනි පිරිසක් මෙම ජාත්‍යන්තර සංචාර සඳහා යොදා ගැනීම තුළින් රනිල්ගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ඇති දැනුවත්කම රටට පැහැදිලි වේ.

අනෙකුත් කාරණාව ලෙස පසුගියදා ජර්මානු සංචාරය අවසානයේ දී ජර්මනියේ DW NEWS මාධ්‍ය ආයතයේ Martin Gak යන මාධ්‍යවේදියා සමග රනිල් වික්‍රමසිංහ කළ සාකච්ඡාව තුළ දී ඔහුගේ ඒකාධිපති, වගකීම් විරහිත සහ පදනම් විරහිත ක්‍රියාකලාපය මුළු ලෝකයටම නිරාවරනය විය.

එම මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දිය නොහැකි වූ රනිල් වික්‍රමසිංහ වියරුවෙන් කෑ ගසන අයුරු මෙන්ම මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්න වලට පදනම් විරහිතව පිළිතුරු දෙන අයුරු දැකගත හැකි වේ.

එක් අතකින් දේශපාලන දඩබිමේ සුපුරුදු දූෂණ වංචා සිදු වන අතර එයට නැගෙන විරෝධය සහ ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විවිධ පනත් කෙටුම්පත් මගින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මර්දනය කිරීමට කටයුතු කරන රනිල් වික්‍රමසිංහ ජනමතයක් වුවද නොමැතිව ජාත්‍යන්තරය සමග කටයුතු කරන ආකාරය ඔහුගේ ඉදිරි දේශපාලන ජීවිතයට පමණක් නොව අර්බුදයකින් පෙළෙන මේ රටට විදේශ සහාය අවශ්‍යම මොහොතක ජනාධිපතිගේ මෙම ක්‍රියාකලාපය මුළු මහත් ශ්‍රී ලාංකේය ජනතාවගේ ද කීර්තිනාමයට කැලලක් මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට ද බාධා ඇති කරනු ලබයි.

DW NEWS මාධ්‍ය ආයතයේ Martin Gak මාධ්‍යවේදියා සමග රනිල් වික්‍රමසිංහ කළ සාකච්ඡාව සිංහල උපසිරස  සමඟින් පහතින් අමුණා ඇත,