ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) යළිත් සරත් වීරසේකර මහතාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා.

ඒ පාර්ලිමේන්තුවේ අය – වැය කාරක සභා වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.

කරපු කියපු දේ

එහිදී ඔහු වීරසේකර මහතා කරපු කියපු දේ ගැන මතක් කළා.

“තරුණයින්ට අවි ආයුධ දෙනවා කිව්වා.ඒකත් පීචං වුණා.හංසමාලිට යට ඇඳුම් ඇරියා.පීචං වුණා.ජාවාරම්කරුවන් පොලිස් ඉස්පිරිතාලෙට ගෙනහල්ලා , සල්ලි අරගෙන පගා අරගෙන එන්නත් දුන්නා.ඒකෙන් කොමිස් ගැහුවා.”

“ඊළඟට දැන් රත්තරන් අල්ලනවා කියලා හාරනවා.ඉඩම් අල්ලන්න යනවා.”

මඩ ගැසීම

එවැනි පහත් වැඩ කර කර තමාට අපහාස කිරීමට පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒ කාලෙ වීරසේකර මහතා තමාගේ කාර්යාලයට පැමිණ ආරක්ෂක භටයන් හා රියදුරන් ඉල්ලා හඬා වැටි තමන්ට වැන්ඳ බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා තමාට වැන්ඳ එකා මඩ ගැහුවට කමක් නැති බවත් පෙන්නා දුන්නා.