ජනතාව පෙළමින් අත්තනෝමතික ලෙස දිනෙන් දින විදුලි ගාස්තු ඉහල දමන ජන වරමක් නොමැති ආණ්ඩුවට එරෙහිව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ජනතා විරෝධතා මාලාව ඊයේ දිනයේදීත් දිවයින පුර විවිධ ස්ථාන වල දක්නට ලැබුණා.

අසාධාරණ විදුලි ගාස්තු වහා පහත හෙලන ලෙස ආණ්ඩුවට බලකරමින් කළුතර, මාවතගම, ගලිගමුව, බලපිටිය, බද්දේගම, තෙල්දෙණිය අධී නගර රැසක ඊයේ දිනයේදී විරෝධතා සංවිධානය කර තිබූ අතර එම ප්‍රදේශ වල ජනතාව මහපාරට බැස රාත්‍රියේ පන්දම් දල්වමින් උද්ගොෂණයේ නිරතව සිටීම දක්නට ලැබුනා.

ඉහල දමන  විදුලි ගාස්තු වලට එරෙහිව කලුතර ආසනයේ සංවිධායක අජිත් පෙරෙරා මැතිතුමා ප්‍රමුඛ සජබ ක්‍රියාකාරීන් විසින් සිදුකරන ලද විරෝධතා ව්‍යාපාරය.

දිනෙන් දින ඉහල යන විදුලි ගාස්තු වලට එරෙහි කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ආසනයේ සංවිධායක J.C අලවතුවල මැතිතුමා ප්‍රමුඛ සජබ ක්‍රියාකාරීන් විසින් සිදුකරන ලද විරෝධතා ව්‍යාපාරය.

ගලිගමුව ආසනයේ සංවිධායක සුරේෂ් සෝමදාස මැතිතුමා ප්‍රමුඛ සජබ ක්‍රියාකාරීන් විසින් සංවිදානය කරන ලද විරෝධතා ව්‍යාපාරය අතරතුර සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විදුලිබල මණ්ඩලය පාඩු ලබනවානම් ජනතාවට නැවත නැවතත් බර පටවමින් එම මුදල අයකරගැනීම යුක්තිසහගත නොමතින් බවයි.

ඉහල ගිය විදුලි බිලට එරෙහිව බලපිටිය ජනතාව සමග බලපිටිය අසන සංවිධායක කමල් ජයන්ත සොයිසා මහතා ද එක්විය.

බද්දේගම ප්‍රදේශයේ වැඩිකල විදුලි බිලට එරෙහිව දෙවන වතාවටත් සංවිධානය කර තිබූ  පන්දම් විරෝධය.