ආණ්ඩුව මේ යන ගමන නතර කළයුතු බවත්, එය කළ හැකි එකම බලවේගය සමගි ජන බලවේගය පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ජනතා අරගලය වෙනුවෙන් මහ පාරට බැසිය යුතු කාලය එළඹ ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුවේ අන්තනෝමතික ගමන හැරවිය හැක්කේ ඒ ජනතා අරගලයෙන් බවද පැවසීය.

ආණ්ඩුව ගනුලැබූ වැරදි තීන්දු තීරණ හේතුවෙන් රට පත්ව ඇති බරපතළ තත්ත්වය අතිශය ඛේදනීය බව පැවසූ විපක්ෂ නායකතුමා යම් අතපසුවීමක් හෝ වරදක් සිදු වූවා නම් අඩියක් පස්සට ගොස් එම තීන්දුව වෙනස් කොට  ගමන නිවැරදි කිරීම නම්‍යශීලි නායකයෙකුගේ වගකීම බවද පැවසීය.

පොහොර සම්බන්ධයෙන්  ආණ්ඩුව ගනු ලැබූ තීන්දුව හේතුකොටගෙන අද මුළු රටම බරපතළ ව්‍යසනයකට ලක්ව ඇති බව ද බව ද විපක්ෂ නායකතුමා පැවසීය .මේ ගනු ගනුලැබූ වැරදි තීන්දුව නිවැරදි කර ගැනීම උදෙසා අඩියක් පස්සට යන ලෙස ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා එලෙස අඩියක් පස්සට ගෙන නිවැරදි වීම හැර විකල්පයක් ආණ්ඩුවට නැති බවද පැවසීය.

සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අද(01)පැවැති අතර එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ය.

කාර්ය සාධක බලකාය පත්කිරීමේදීත් ආණ්ඩුව නොකළ යුත්තක් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා මේවායෙන් සිදුවන්නේ රටේ සංහිඳියාව නැතිවී යාම බවද පැවසීය.

තමන් බුද්ධි අංශ ප්‍රධානියා සමග සම්බන්ධ වෙමින් තම පක්ෂයේම මන්ත්‍රීවරුන්ට එරෙහිව කටයුතු කරන බවට ඇතැම් පාර්ශව විසින් සහමුලින්ම අසත්‍ය මඩ ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා,රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට ද එල්ල කළේ මෙවැනිම ප්‍රහාරයන් බවද පැවසීය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට ත්‍රස්තවාදීන්ට දෙන මට්ටමේ දඬුවම් ලබා දිය යුතු බවත්,සමගි ජන බලවේග රජයක් යටතේ ඒ කාන්තවම එය සිදුවන බවත් ඒ මහතා පැවසීය. 

වඩා වැදගත් වන්නේ වයසට වඩා හැකියාව කුසලතාවය සහ දක්ෂතාවය බව පැවසූ විපක්ෂ නායකතුමා දේශපාලනයට ද එය අදාළ බව පැවසීය.

balavegaya IMG 20211101 WA0035

දේශපාලනයේ පෙරළිකාර චරිතයක් ලෙස හරින් ප්‍රනාන්දු මහතා අභියෝගාත්මක තීන්දු තීරණ ගැනීමට කිසි විටෙකත් පසුබට වී නැති බව පැවසූ විපක්ෂ නායකතුමා,රටේ ඉහළ ම තැන දක්වා ගමන් කිරීමේ ශක්තිය හරීන් ප්‍රනාන්දුට ඇති බවද පැවසීය.